Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියේ 58 වැනි තරගය ලෙස පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම අතර ධරම්ශාලාහිදී ඊයේ (9 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 60 ක ජයක් වාර්තා කිරීමට බෙංගලූරු කණ්ඩයම සමත් විය. පන්ජාබ් කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ අටවැනි පරාජය මෙය වූ අතර මෙම පරාජයත් සමග ඔවුන්ට අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවිය.
ජයග්රහණය සඳහා ලකුණු 242 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමට මොහොමඞ් සිරාජ් ප්රමුඛ බෙංගලූරු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 17 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 181 ක් පමණි. එහිදී සිරාජ් කඩුලු 3 ක් බිඳහෙළුෑ අතර ස්වප්නිල් සිං, ලොකී ෆර්ගසන් සහ කරන් ශර්මා කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ රිලී රූසොව් පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 61 ක් රැස්කළ අතර ශාෂන්ක් සිං පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 37 ක් රැස්කළේය. එහෙත් ඔවුන්ට සිය කණ්ඩායමට ජයග්රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් බෙංගලූරු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 241 ක් ලබාගත් අතර එහිදී විරාට් කෝලි පන්දු 47 කින් ලකුණු 92 ක් ලබාගත්තේ හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. රජිත් පටීදාර් (55) සමග එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 32 කදී ලකුණු 76 ක් එක්කළ කෝලි, ඉන් නොනැවතී කැමරන් ග්රීන් (46) සමග එක්ව සිවුවැනි කඩුල්ලට පන්දු 46 කදී ලකුණු 92 ක්ද එක් කළේය.
පන්දු 23 කට මුහුණදුන් පටීදාර්, හයේ පහර 6 කින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 27 කදී වාර්තා වූ ග්රීන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. දිනේෂ් කාර්තික් පන්දු 7 කින් ලකුණු 18 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.
රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 241
(විරාට් කෝලි 92, රජිත් පටීදාර් 55, කැමරන් ග්රීන් 46, දිනේෂ් කාර්තික් 18, හර්ෂාල් පටේල් 38/3, විධ්වත් කවෙරප්පා 36/2)
පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 17 කදී සියලු දෙනා දැවී 181
(ජොනී බෙයාස්ටෝ 27, රිලී රූසොව් 61, ශාෂන්ක් සිං 37, සෑම් කරන් 22, මොහොමඞ් සිරාජ් 43/3, ස්වප්නිල් සිං 28/2, ලොකී ෆර්ගසන් 29/2, කරන් ශර්මා 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.