Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්නල මෝටර් රථ තරග ඉරිදා

පන්නල මෝටර් රථ තරග ඉරිදා

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීගමුව මෝටර් කී‍්‍රඩා සංගමය සංවිධානය කරන මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලියේ පළමු අදියර අනිද්දා (15 වැනිදා) පන්නල මෝටර් රථ ධාවන පථයේදී පෙරවරු 8.30 සිට පැවැත්වේ.

මෙම තරගාවලියේදී මෝටර් රථ ඉසව් 5 ක් සහ යතුරුපැදි ඉසව් 11 ක් පැවැත්වෙන අතර මෝටර් රථ තරගකරුවෝ 37 දෙනෙක් සහ යතුරුපැදිකරුවෝ 76 දෙනෙක් එම ඉසව් සඳහා සහභාගි වීමට සූදානමින් සිටිති.

මෝටර් රථ අංශයේ ප‍්‍රධානතම තරගය වන ෆෝඞ් ලේසර්/මැස්ඩා (සිලින්ඩර් ධාරිතාව 1500 දක්වා) තරගය සඳහා තරගකරුවෝ 10 දෙනෙක්ද, යතුරුපැදි අංශයේ ප‍්‍රධානතම තරගය වන සුපිරි යතුරුපැදි (සිලින්ඩර් ධාරිතාව 1000 දක්වා) තරගය සඳහා තරගකරුවෝ 8 දෙනෙක්ද ලියාපදිංචි වී සිටින බව මීගමුව මෝටර් කී‍්‍රඩා සංගමයේ සභාපති අවින්ද්‍ර මිරැන්ඩෝ මහතා පැවසීය.

අදියර 2 කින් සමන්විත මෙම ශූරතාවලියේ දෙවැනි අදියර නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

 

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

පන්නල මෝටර් රථ තරග ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.