Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පර්සි අබේසේකර දේහය බොරැල්ලේ

පර්සි අබේසේකර දේහය බොරැල්ලේ

editorial - 2023 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඒක පුද්ගල දිරිගන්වන්නා වූ පර්සි අබේසේකර මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (නොවැම්බර් 02 දා) බොරැල්ල කනත්තේදී කිරීමට නියමිතය. ඒ මහතාගේ දේහය අද (01 වැනිදා) උදෑසන සිට බොරැල්ලේ බෞද්ධාලෝක මාවතේ පිහිටි ජයරත්න (වී.අයි.පී) මල්ශාලාවේදී  මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ. 

අබේසේකර මහතා දෙදරු පියකු වන අතර සොහොයුරු සොහොයුරියන් පස් දෙනකුගෙන් යුතු පවුලක ඉතිරි වී සිටි එකම සමාජිකයාය. 

වසර 60 කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ තනි පුද්ගල දිරිගන්වන්නා ලෙසින් ලෝකය පුරා කීර්තියක් හිමි පර්සි අබේසේකර මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශෝකය ප්‍රකාශ කරමින් විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ. 

ඔහුගේ අභාවය ශ්‍රී ලංකාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවටත් බරපතළ පාඩුවකි. මෙම කණගාටුදායක මොහොතේදී, ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රජාව වෙනුවෙන් පර්සි අබේසේකර මහතාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම සමීප හිතවතුන් වෙත අපගේ හෘදයංගම ශෝකය ප්‍රකාශ කර සිටින්නෙමු’ යයි එම ශෝක ප්‍රකාශයේ සටහන් වේ. 

“පර්සි කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සන්නාමයක් වගේ පුද්ගලයෙක්. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු දැක්වූ දායකත්වය විස්තර කරන්න වචන නෑ. ඔහු ඉතාමත් ජනප්‍රිය, ශ්‍රී ලංකාවේ වගේම ලෝකය පුරාම පිළිගත්, ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පරම්පරා කිහිපයකම මහත් ගෞරවාදරයට පත්වූ අයෙක්” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 

අබේසේකර මහතාගේ දේහය බ්‍රහස්පතින්දා පස්වරු 4.00 දක්වා එම ස්ථානයේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු බ්‍රහස්පතින්දා සවස 4.00 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.

- 213


අදහස් (0)

පර්සි අබේසේකර දේහය බොරැල්ලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.