Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ලොව අංක එකේ ක්‍රීඩිකාව මෙන්ම ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ හිටපු ශූරියද වන නයෝමි ඔසාකා මෙවර තරගාවලියේ තෙවැනි වටයේදී ලද පරාජය හේතුවෙන් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල 80 වැනි ස්ථානයෙන් පහළට ඇද වැටීමට නියමිතය.
සිව් වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා දිනා සිටින ජපන් ජාතික ක්‍රීඩිකාව වත්මන් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 14 වැනි ස්ථානයේ පසුවේ. එහෙත් ඇයගේ ප්‍රමිතීන්ට අනුව එයද ඇය සිටිය යුතු ස්ථානයට වඩා පහළ ස්ථානයකි. කෙසේ වෙතත් ඊයේ (21 වැනිදා) මෙල්බර්න් හිදී ඇය අත්කරගත් පරාජයෙන් පසුව නයෝමි අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ 80 වැනි ස්ථානය දක්වා හෝ ඊටත් පහළ ස්ථානයට ඇද වැටීමට නියමිතය.
ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේ තුන්වැනි වටයේදී, ශ්‍රේණිගත කිරීම්හි 60 වැනි ස්ථානයේ පසුවන අමෙරිකානු ක්‍රීඩිකා අමන්දා ඇනිසිමෝවා සමග පැවැති තරගයේදී වට 4-6, 6-3, 7-6 (10/5) ලෙසින් ඔසාකා මවිතයට පත් කරමින් ඇනිසිමෝවා ජයගත්තාය. මෙම ජයත් සමගින් ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේදී අවසන් 16 දෙනාගේ ස්ථානයක් බලාපොරොත්තුවන ඇනිසිමෝවා, එහිදී ඈෂ්ලි බාටි මුණගැසීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නීය.
24 හැවිරිදි ඔසාකා පැවසුවේ ඇය ශේණිගත කිරීම් පහළට වැටීම ගැන “කනස්සල්ලට පත් නොවන” බවයි. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ඇය අවසන් වරට 80 න් පහළ සිටියේ 2016 අගෝස්තු මාසයේදීය.
“වසර පුරාවටම මම මේ විදියට ක්‍රීඩා කළොත් මා යා යුතු තැන දක්වා ඉහළ යාවි කියලා මම හිතනවා,” යයි පැරදුනත් තමන්ගේ දස්කම් ගැන සතුටු වූ ඔසාකා පැවසුවාය.
“මම ඔළුව පහත් කරගෙන මහන්සි වෙලා වැඩ කරනවා. මම යා යුතු තැනට මා පැමිණේවි යැයි මා සිතනවා ” යයි කී ඔසාකාට පසුගිය මාස හයක කාලය ඉතාමත් දුෂ්කර සමයක් විය.
ඔසාකා, පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු විවෘත ශූරතාවලියේ අවසන් මහ තරගයේදී ඇමරිකානු ජාතික ජෙනිෆර් බ්‍රැඩි පරාජය කරමින් ශූරතාව දිනාගත්තාය. එහෙත් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වූවාය. තමන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා මාධ්‍ය සාකච්ඡා සඳහා සහභාගි නොවන බව පවසමින් ඇය විම්බල්ඩන් තරගාවලියටද ක්‍රීඩා නොකළාය.
සැප්තැම්බරයේ පැවති එක්සත් ජනපද විවෘත ටෙනිස් තරඟාවලියේදී ඇය කඳුළු සලමින් ඉවත්ව ගියේ තමන් මානසික අවපීඩනයෙන් පෙළෙන බව පවසමිනි. ඒ සමගම ඇය ටෙනිස් ක්‍රීඩාවෙන් දින නියමයක් නොමැති විවේකයක් ගත්තාය.
කෙසේ වෙතත් මේ වසරේදී ටෙනිස් ක්‍රීඩාවෙන් වඩාත් හොඳ විනෝදයක් ලබාගැනීමට තමන් අධිෂ්ඨාන කරගෙන සිටින බව පවසමින් ඔසාකා වසර ආරම්භයේදී ඕස්ට්‍රේලියාවේදී පැවැති තරග අතරට පිවිසියද ඕස්ට්‍රේලියානු විවෘත තරගාවලියේදී ඇය සිතූ තරම් දුරක් යාමට නොහැකි විය. මාස 6 කට වැඩි කාලයක් තරගකාරී ටෙනිස් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීම එයට හේතුව යයි ඇයගේ පුහුණුකරු විම් ෆිසෙට් මහතා කියයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.