Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ස්වාධීන ආයතනයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බාහිර පාර්ශව විසින් සිදුකරනු ලබන විගණන විමර්ශන කැඳවීම් සඳහා ප්‍රතිචාර දැක්වීමට බැඳී නැතැයි එම ආයතනයේ නීතිවේදීන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා නිකුත් කර ඇති විගණන වාර්තා හා 2022 විස්සයි - 20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සහභාගීත්වය සම්බන්ධයෙන් නිකුත් කළ කුසලා සරෝජනී වීරවර්ධන වාර්තාව සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ නියමයෙන් ආරම්භ කර තිබෙන විමර්ශනයට ප්‍රතිචාර දක්වමින් ක්‍රිකට් ආයතනය් නීතිවේදීන් එම දැනුම්දීම කර තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරමින් ක්‍රීඩා වැරදි සෙවීමේ පොලිස් ඒකකය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ට සිය කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු අන්තර්ජාතික ක්‍රිකට් සභාවට වග වන නමුත් සිය විෂය පථයට අදාළ නොවන වෙනත් බාහිර පාර්ශව වලට බැඳීම් නැති ඔවුන්ට වග නොකියන ආයතනයක් වන බව එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඔවුන්ගේ නීතිවේදීන් ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට කරුණු දක්වා තිබේ. ක්‍රිකට් ආයතනයේ එම ප්‍රතිචාරයත් සමග මේ වන විට විමර්ශන තාවකාලිකව අත්හිටුවා ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට මේ වනවිටත් එම ඒකකය කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා කෝපා කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කැඳවූ අවස්ථාවේදී ද මෙම සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ. එහිදී කෝපා කමිටුව හෙවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වගකිවයුත්තන්ට දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය කඩිනමින් ලබාගත යුතු බවයි.
පාර්ලිමේන්තුවේ සම්මත 2019 අංක 24 දරණ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ පුළුල් බලතල සහිතව ස්ථාපිත කළ ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය මෙරට ක්‍රීඩා වැරදි හා දූෂණ සෙවීම සඳහා පත් කළ පොලිස් ඒකකයකි. එහි විශේෂත්වය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් වැටුප් ලැබුවත් එම ඒකකය වගකියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට වීමයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකය පාලනය වේ.
මෙම ඒකකය වසර 2020 දී ආරම්භ වීමෙන් පසුව පසුගිය වසර කීපයේදී ක්‍රිකට් ඇතුළුව ක්‍රීඩා වැරදි විමර්ෂණ 60කට ආසන්න ගණනක් විභාග කර ඇත.
A Confused Fan Tuesday, 14 November 2023 11:06 AM
ඇයි SLC එක කෝප් කමිටුව හමුවට එන්න බය...? යමක් තියෙනවද හංගන්න...?
Reply 0 0
A satisfied cricket fan Tuesday, 14 November 2023 07:43 PM
කිසිම විමර්ෂණයකට යන්න ක්‍රිකට් ලොක්කෝ බය නැහැ කිව්වට, කාලය නාස්ති කරමින් මුදල් සොරකම් කළ ඒවා ගැන කතාවක් නැහැ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.