Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පසිඳු පීරිස් කීර්තිනාමය රැකගනී

පසිඳු පීරිස් කීර්තිනාමය රැකගනී

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 3 කට පසුව නැවතත් මෝටර් රථ ක්‍රීඩාවේ සිය අණසක පතුරුවමින් 24 වැනි ‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට පසිඳු පීරිස් සමත් විය.

තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ ඉසව්ව සඳහා ක්‍රීඩකයන් 14 දෙනකු සහභාගී වීම නිසා එය ක්‍රීඩකයන් 7 දෙනා බැගින්වූ අදියර 2 කින් පැවැත්විණ. එම අදියර දෙකේ පළමු ස්ථාන 5 දිනාගත් ක්‍රීඩකයන් 10 දෙනා අතර අවසන් මහ තරගයක් පවත්වා මෙවර දක්ෂතම රියැදුරා තෝරාගනු ලැබිණ.

පළමු අදියරේ ජය පසිඳු පීරිස්ට හිමිවූ අතර දෙවැනි අදියරේ ජය ජනක ඩයස්ට හිමිවිය. කෙසේ වුවත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් ප්‍රබල ක්‍රීඩකයන් වන අරවින්ද ප්‍රේමදාස, උෂාන් පෙරේරා, ඉශ්රාක් වහබ් සහ ටිරෝන් හෙන්ඳාවිතාරණ මෙන්ම දෙවැනි අදියර ජයගත් ජනක ඩයස්ද පසුපසට ඇද දමමින් එහි ජය තමන් සතුකරගැනීමට පසිඳු පීරිස් සමත් විය.

නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා බවට පසිඳු පත්වූ තෙවැනි අවස්ථාව මෙය වන අතර කළකට පසු නැවතත් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණෙමින් ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

මින් පෙර ඔහු 2011 සහ 2012 යන වසර වලදීද පිට පිට දෙවරක් දක්ෂතම මෝටර් රථ රියැදුරු ශූරතාවට හිමිකම් කියා තිබේ.

පසුගිය වසරේ දක්ෂතම රියදුරු බවට පත්වූ අශාන් සිල්වා මෙවර තරගාවලියට සහභාගී නොවූ අතර 10 වරක් නරියා කන්ද තරගාවලියේ මෝටර් රථ ශූරතාව දිනාගෙන ඇති අරවින්ද ප්‍රේමදාසට එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ මෝටර් රථ අවසන් මහ තරගයේදී තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. අවසන් මහ තරගයේ දෙවැනි ස්ථානය ජනක ඩයස්ට හිමිවිය.

තරගාවලියේ මෝටර් රථ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමටද පසිඳු පීරිස් නියෝජනය කළ සියැට් කණ්ඩායම සමත් වූ අතර ඔහුගේ කණ්ඩායම් සගයා ලෙස කටයුතු කළ ඩබ්ලිව් ඒ. ජී. රංගන, එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ තරගය ජය ගනිමින් කණ්ඩායම් ශූරතාව සඳහා සිය දායකත්වය සැපයීය. සියැට් කණ්ඩායමේ කලමණාකරු ලෙස තරිඳු මිහිරක මහතා කටයුතු කළේය.

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා තරගය ජයගත් කුෂාන් පීර්ස්, ඉන් නොනැවතී මෙවර තරගාවලියේ වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් (17 ක්) සහභාගී වූ එස්. එල්. එන්. කාණ්ඩයේම (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා තරගයද ජයගනිමින් මෝටර් රථ අංශයේ ද්විත්ව ජයග්‍රහණයකට හිමිකම් කීවේය.

එම තරග දෙකේදී පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගත් පළපුරුදු රියැදුරු උපුල්වන් සේරසිංහ එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය ජය ගැනීමට සමත් වූයේ සෙසු තරගකරුවන්ට වඩා මීටර් 200 ක පමණ පරතරයක් තබාගනිමිනි.

මෙතෙක් පැවැති නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලි 24 ටම නොකඩවා සහභාගි වූ ප්‍රවීන මෝටර් රථ රියැදුරු දිනේෂ් සේනානායක, මෙවර තරගාවලියේ ටී. සහ ජේ. කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) විවෘත ට්‍රක් සහ ජීප් රථ තරගය ජය ගැනීමට සමත් වූයේ මෝටර් රථ ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේදී තමන් සතුව තිබූ ජවය අදටද අඩුවී නැති බව කියාපාමිනි.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගයේ ජය තමන් සතු කරගැනීමට මලික කුරුවිටාරච්චි සමත් වෙද්දී, වට 6 කින් සමන්විත වූ එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය ජය ගැනීමට සජාඞ් සුහේර් සමත්වූයේ අවසන් වටයේදී සකීර් වහබ්ව පසුකර යමිනි.

එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය ජය ගැනීමට ප්‍රවීන ක්‍රීඩක කේ. පරමේෂ්වරන් සමත් වූ අතර එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය ජය ගැනීමට ඉර්ෂාඞ් ෆාහම් සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළ අතර එක්සයිඞ්, හොණ්ඩා, ජෝන් කීල්ස්, කොකා කෝලා සහ එලිෆන්ට් හවුස් යන ආයතනය එහි සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේය.

විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවති මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සහභාගි විය.

 

මෝටර් රථ තරග ප්‍රතිඵල


එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය

1 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
2 ඩිලාන් පෙරේරා (ඔස්ටින් මිනි 1000)
3 ඩොනල්ඞ් බුල්ජන්ට් (ඔස්ටින් මිනි 1000)


එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය

1 ඉර්ෂාඞ් ෆාහම් (නිසාන් මාර්ච් 1000)
2 සචිත් පතිරණ (නිසාන් මාර්ච් 1000)
3 ඬේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)


එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) නවීකරණය කරන ලද මෝටර් රථ තරගය

1 ඩබ්ලිව්. ඒ. ජී. රංගන (ෆෝඞ් ලේසර් 1050)
2 සචිත් පතිරණ (නිසාන් ඊ. ආර්. එස්. 1040)
3 අජිත් කීර්ති (ඔස්ටින් මිනි 1050)


එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1300 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය

1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
3 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1300)


එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය

1 උපුල්වන් සේරසිංහ (හොණ්ඩා ඊ. ජී. VI 1600)
2 ශෙනාල් ගුණවර්ධන (හොණ්ඩා සිවික් 1600)
3 ඉර්ෆාන් ෆෝඞ් (හොණ්ඩා ඊ. ජී. VI 1600)


එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 2200 දක්වා) සුබාරු ලෙගාසි මෝටර් රථ තරගය

1 මලික කුරුවිටාරච්චි (සුබාරු ලෙගාසි 2200)
2 චවින්ද ධර්මවර්ධන (සුබාරු ලෙගාසි 2200)
3 ටිරෝන් හෙන්ඳවිරතාරන (සුබාරු ලෙගාසි 2200)


එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) පළමු මෝටර් රථ තරගය

1 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 උෂාන් පෙරේරා (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ඉෂ්රාක් වහබ් (මිට්සුබිෂී එවොලූෂන් 2000)


එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) දෙවැනි මෝටර් රථ තරගය

1 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 අරවින්ද ප්‍රේමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 ටිරෝන් හෙඳවිතාරන (මිට්සුබිෂී එවොලූෂන් 2000)


ටී. සහ ජේ. කාණ්ඩයේ (සි. ධා. 5500 දක්වා) විවෘත ට්‍රක් සහ ජීප් රථ තරගය

1 දිනේෂ් සේනානායක (ටොයොටා රෙව් VI 3000)
2 මංජුල විජේසිංහ (මිට්සුබිෂී පෙජෙරෝ 2800)
3 බුද්ධික රුක්ලන්ත (මිට්සුබිෂී පෙජෙරෝ 2800)


එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය

1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1500)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
3 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1500)


එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය

1 සජාඞ් සුහේර් (හොණ්ඩා ඊ. ආර්. II 1500)
2 සකීර් වහබ් (හොණ්ඩා සිවික් 1500)
3 මිස්සක නවීන් (හොණ්ඩා සිවික් 1500)


එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) අවසන් මෝටර් රථ තරගය

1 පසිඳු පීරිස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
2 ජනක ඩයස් (මිට්සුබිෂී එවොලූෂන් 2000)
3 අරවින්ද ප්‍රේමදාස (මිට්සුබිෂී එවොලූෂන් 2000)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

‘නරියාකන්ද සුපර්ක්‍රොස් ’ මෝටර්රථ තරගාවලියේ විශේෂ අවස්ථා ...

ඡායාරූප - ශානුක අරවින්ද

 


අදහස් (0)

පසිඳු පීරිස් කීර්තිනාමය රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.