Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමුව තරගාවලිය දිනාගත යුතුයි - මැතිව්ස්

පළමුව තරගාවලිය දිනාගත යුතුයි - මැතිව්ස්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

නවසීලන්ත කණ්ඩායම ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයන් ගෙදර තබා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින නමුත් අත්හදා බැලීම් කිරීමට පෙර තරගාවලිය ජයගත යුතු යයි ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ශී‍්‍ර ලංකා සහ නවසිලන්ත නායකයන් අද (8 වැනිදා) සවස සහභාගිවූ පුවත් පත් සාකච්ඡුාවේදී නායක මැතිව්ස් එසේ ප‍්‍රකාශ කර සිටියේය.

”ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් නැතැයි කියලා මේ කණ්ඩායම ගැන අපි අවතක්සේරු කරන්නේවත් තරගාවලිය පහසුවෙන් ගන්නේවත් නෑ”
”අනෙක අපි තරග කරන්නේ නවසීලන්තයේ කිසියම් කී‍්‍රඩකයන් පිරිසකට එරෙහිව නොමෙයි. නවසීලන්ත කණ්ඩායමත් එක්කයි”
”මේ තරගාවලියේදී අප කරන දේ කුමක් වුවත් ඒක වාර්තාගත වෙන්නේ ශී‍්‍ර ලංකාව සහ නසීලන්තය අතර තරගාවලියක් වශයෙන් මිසක් ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් ඒ කණ්ඩායමේ හිටියාද නැද්ද කියන එක මත නෙමෙයි” යයිද මැතිව්ස් පැවසීය.

එක්දින තරග 3 ක් සහ විස්සයි/20 තරග දෙකක් සඳහා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායම වේග පන්දු යවන කී‍්‍රඩකයකු වන කයිල් මිල්ස් විසින් මෙහෙයවනු ලබයි. නවසීලන්තයේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් වන රොස් ටේලර්, බ්‍රෙන්ඩන් මැකලම්, ටිම් සවුති, පීටර් ෆුල්ටන්, මාටින් ගප්ටිල්, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින්, කේන් විලියම්සන් සහ ඩැනියෙල් විටෝරි යන කී‍්‍රඩකයෝ මෙම කණ්ඩායමට අයත් නොවෙති.

ඔවුන් වෙනුවට මෙවර ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින නවසීලන්ත පිලට ඇතුළත් වන්නේ පසුගියදා ශී‍්‍ර ලංකාවේ සංචාරය කළ නවසීලන්ත ‘ඒ’ පිලට ඇතුළත් වූ කී‍්‍රඩකයන්ගෙන් බහුතරයකි.

”ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් ඔවන්ගේ කණ්ඩායමේ නැති එක ගැන අප කණගාටු වෙනවා තමයි. ඒ කොහොම වුණත් මේක අපට ඉතාමත් වැදගත් තරගාවලියක්” ”ඒ නිසා තරගාවලියේ පළමු තරගය දිනාගෙන හොඳ ආරම්භයක් ගන්න  ඕනා” යයිද ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

නවසීලන්ත පිල ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නේ බංග්ලාදේශයේදී පැවැත්වෙන එක්දින සහ විස්සයි/20 තරගාවලියකින් අනතුරුවය. එහෙත් ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වූයේ ජූලි මස අවසන් සතියේ සහ අගෝස්තු මුල් සතියේදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ශී‍්‍ර ලංකාවේදීය.

කෙසේ වෙතත් නායකයාගේ අදහස වන්නේ ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලැබුණු මාස 3 ක පමණ විවේකය හොඳ විවේකයක් වූ බවත් දේශීය වශයෙන් පුහුණු තරග වලට සහභාගි වෙමින් තම කණ්ඩායම හොඳ සූදානමක් ලද බවත්ය. නවසිලන්ත ‘ඒ’ පිලටම එරෙහිව පසුගියදා පැවැති තරගාවලියේදී සාර්ථක දස්කම් පෙන්වූ කී‍්‍රඩකයන්ට මෙම තරගාවලියේදී අවස්ථාවක් ලැබේද යන්න කළ විමසීමේදී මැතිව්ස් කියා සිටියේ තරගාවලියේ ජයග‍්‍රහණය වඩාත් වැදගත් බවයි.

”දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති තරගාවලිය වගේ නොවෙයි. මේ තරගාවලියට ඇතුළත් වන්නේ එක්දින තරග 3 ක් පමණයි. ඒ නිසා පළමු තරගයේ ජය අපට හුගාක් වැදගත්” ”කොහොම වුණත් දැනට තෝරා ගෙන ඉන්න කී‍්‍රඩකයන් 16 දෙනා නම්කරලා තියෙන්නේ සූරියවැවදී පැවැත්වෙන තරග දෙකට පමණයි. ඒ තරග දෙක ජයගත්තොත් ඊට පස්සේ එන විදිහට මුහුණ දෙන්න පුළුවන්” යයිද හෙතෙම පැවසීය.

ප‍්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා මෙන්ම වඩාත් සන්සුන් එහෙත් ස්ථාවර දස්කම් දක්වන පිතිකරුවකු වන දිමුත් කරුණාරත්නත් කණ්ඩායමේ සිටියද තිලකරත්න ඩිල්ෂාන් සමගින් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා කවුරුන්ද යන්න පිළිබඳව අද සවස් වන තුරුත් තීරණයක් ගෙන නොතිබුණ බවත් ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

මෙම තරගාවලිය සඳහා ඩයලොග් ආසිආටා සමාගම අනුග‍්‍රහය දක්වන අතර ජයග‍්‍රාහකයන්ට පිරිනැමෙන කුසලානය ඩයලොග් කුසලාන යනුවෙන් හැඳින්වේ.


 


(ඡයාරූප : ජයමාල් චන්ද්‍රසිරි)

 


අදහස් (2)

පළමුව තරගාවලිය දිනාගත යුතුයි - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.