Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු අදියරේ ජය සඳරුවන්ට
ගුවන් හමුදා පාපැදි සවාරිය

පළමු අදියරේ ජය සඳරුවන්ට

editorial - 2022 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සිට පුත්තලම දක්වා (කිලෝමීටර 124) පැයට කිලෝමීටර 40කට ආසන්න වේගයක් රඳවා ගනිමින් සිය පාපැදිය පැද ගිය යුද හමුදා ක්‍රීඩක  සඳරුවන් පින්ටෝ 22 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ ඊයේ (3) නිමාවට පත්වූ අදියර 1 තරගය ජය ගත්තේය.

ඒ මෙවර මෙම රේසින් පාපැදි සවාරියට සහභාගි වූ 215ක් වන වාර්තාගත ක්‍රීඩකයන් සංඛ්‍යාවක් අභිබවමිනි. තවත් තත්පර පහකට පසුව දිනුම් කණුව කරා පැමිණි ඩබ්ලිව්.සී. සඳුන් කුමාර  එහි දෙවැනි ස්ථානය ලැබීය.

ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි අදියර හෙට (05) පැවැත්වෙන්නේ පුත්තලම සිට නොච්චියාගම, අනුරාධපුරය, කැකිරාව හරහා දඹුල්ල දක්වා දිවෙන කිලෝමීටර 140ක් දුර ධාවන මාර්ගයක් ඔස්සේය.

අද පළමු අදියර නිමාවට පත් කළ තරගකරුවන් ගණන 125කි. එහිදී පසුගිය වසරේ සමස්ත තරගයේ ජයග්‍රාහකයා වූ වරාය අධිකාරියේ ෂෙනාල් ද සිල්වා පැය 3 විනාඩි 7 තත්පර 45කට අත්කර ගත්තේ 63 වැනි ස්ථානයයි.  

පළපුරුදු තරගකරුවන් ගණනාවක්ම අද අදියර තරගයේ පසුපෙළ ස්ථානවලට පත්වීම කැපී පෙණුනි. ඒ අතර ගුවන් හමුදා පළපුරුදු ධාවකයෙකු වන සංජු දිමන්ත අත්කරගෙන තිබුණේ පැය 3 විනාඩි 26තත්පර 20කට 123වැනි ස්ථානයයි.

මෙවරත් දින තුනක් පුරා අදියර තුනකින් පැවැත්වෙන ගුවන් හුමදා පාපැදි සවාරියේ අවසන් අදියර අනිද්දා (6) දඹුල්ලේ සිට කුරුණෑගල, කුලියාපිටිය හරහා කටුනායක ගුවන් හමුදා සංකීර්ණය අසලට පැමිණීමෙන් නිමාවට පත්වේ. එහි දුර කිලෝමීටර 150කි.

ඒ අතර කාන්තා රේසින් තරග ඉසව්වක්ද (කිලෝමීටර් 96) අනිද්දා (6) පුත්තලම, හලාවත, මීගමුව ඔස්සේ කටුනායකට ළඟාවීමෙන් නිමාවට පත්වේ.

 

22 වැනි ගුවන් හමුදා  පාපැදි සවාරියේ කොළඹ සිට පුත්තලම දක්වා (කිලෝමීටර 123.8) අදියර 1 තරගයේ 10 වැනි ස්ථානය තෙක් තරග ප්‍රතිඵල
1. සඳරුවන් පින්ටෝ (යුද හමුදාව-පැය 3 විනාඩි 07තත්පර 21)
2. සඳුන් කුමාර (එන්.බී. රේසින්- 3.07.28)
2. අංජන් තාරුක (ගුවන් හමුදාව - 3.07.33)
4. පැතුම් සම්පත් (යුද හමුදාව-3.07.39)
5. අසංග අබේරත්න (නාවික හමුදාව- 3.37 41)
6. රොවින්ද්‍ර නමුදිත (දෙහිවල-ගල්කිස්ස-3.07.42)
7. ගිහාන් පුෂ්පකුමාර (වරාය අධිකාරිය-3.07.42)
8. පසිඳු ලක්ෂාන් (නාවික හමුදාව -03.07.43)
9. ධනුෂ්ක ඩිල්ෂාන් (එන්.බී. රෙසින්. 3.07.43)
10. සුපුන් පියුමාල් (නාවික  හමුදාව- 3.07.44)

 


අදහස් (0)

පළමු අදියරේ ජය සඳරුවන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.