Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ )
සවුදි අරාබියේ අබා නුවරදී ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ නිමාවට පත්වූ ශ්‍රී ලංකාව හා යේමනය අතර ලෝක කුසලාන (2026) සුදුසුකම් නිර්දේශිත කලාපීය පළමු පාපන්දු තරගයෙන් යේමනය ගෝල 3 - 0 ක ජයක් ලබා ගත්තේය.
තරගයේ පළමු අර්ධයේ 33 වැනි විනාඩියේදී යේමනය පළමු ගෝලය ලැබීමෙන් ඔවුන් 1 - 0 කට එහි පෙරමුණ ගත්තේය. 67 හා අතිරේක කාල 93 වැනි විනාඩි වලදී සෙසු ගෝල වාර්තා කල යේමනය තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් විය.
දෙරට අතර මෙම තරග වටයේ අදියර 2 තරගය ඔක්තෝබර් 17 වැනිදා කොළඹ සුගතදාස පිටියේදී පැවත්වේ.
එම තරගය අවම ගෝල 4 - 0 පරතරකින් ජය ගැනීමෙන් පමණක් ශ්‍රී ලංකාවට 2026 මීලග ලෝක කුසලාන සුදුසුකම් දෙවැනි වටය ට පිවිසිය හැකිය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු මෙම තරගයේදී විනිසුරු වෙතින් දැඩි අවවාද ලබන කහ කාඩ්පත ලැබුහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.