(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකාව සහ බංග්ලදේශය අතර ඉන්දියාවේ ගුවහටි නුවරදී අද (29 වැනිදා) පැවැති ලෝක කුසලාන පෙරහුරු තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 264 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය ක්‍රීඩකයෝ, ඕවර 42 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ.
නායක මෙහෙදි හසන් මිරාස් (නොදැවී 67) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 35) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 76 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ. පන්දු 64 කට මුහුණදුන් මිරාස් හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 43 කදී වාර්තා වූ රහීම්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 124 කදී ලකුණු 131 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැගූ ටැන්සිඩ් අහමඩ් (84) සහ ලිටන් දාස් (61) බංග්ලාදේශයේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. පන්දු 88 කදී ලබාගත් අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින් සැරසීමට ටැන්සිඩ් සමත් වෙද්දී, පන්දු 56 කදී වාර්තා වූ ලිටන් දාස්ගේ අර්ධ ශතකය හතරේ පහර 10 කින් සමන්විත විය.
දසුන් ශානක සහ මහීෂ් තීක්ෂණ හැරුණුකොට ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින සෙසු පන්දු යවන්නන් සියලු දෙනා මෙම තරගයේදී පන්දු යැවීමේ නිරත වූ නමුත් ඔවුන් අතරින් එක් කඩුල්ලක් හෝ දවාගැනීමට සමත් වූයේ ළහිරු කුමාර, දුෂාන් හේමන්ත සහ දුනිත් වෙල්ලාලගේ පමණි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49.1 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 263 ක් ලබාගත්තේය. ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ ධනංජය ද සිල්වා පන්දු 79 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 55 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 250 සීමාව ආසන්නයට ගෙන ගියේය.
අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 64 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 68 ක් ලබා සිටියදී, මහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ මෙහෙදි හසන් මිරාස් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. පැතුම් සමග එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් කුසල් පෙරේරා, ඕවර 9.1 ක් අවසානයේ උරහිසේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගියේය. ඒ වන විට ඔහු පන්දු 24 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 34 ක් ලබා සිටියේය.
පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී ගියේ නසුම් අහමඩ්ගේ පන්දුවක් හමුවේ මිඩ් විකට් කලාපයේ පන්දු රකිමින් සිටි නජ්මුල් ශැන්ටෝ අතට උඩපන්දුවක් දෙමිනි. මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් පන්දු 5 කට අනතුරුව සදීර සමරවික්රමද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මහෙදි හසන් සමත් විය. ලොන් ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි නජ්මුල් ශැන්ටෝ අතට උඩපන්දුවක් දෙමින් දැවී යන විට සදීර ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.
මහෙදි හසන්ගේ තෙවැනි ගොදුර බවට පත්වෙමින් දැවී යන විට චරිත් අසලංක පන්දු 32 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 18 ක් ලබා සිටියේය. පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක වූ නායක දසුන් ශානකට මෙම තරගයේදීත් පන්දු 17 කට මුහුණ දෙමින් ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි පිතිකරුවා ලෙස පන්දුවට පහරදීම සඳහා පැමිණි දිමුත් කරුණාරත්න, පන්දු 27 කදී හතරේ පහරක් සමග ලකුණු 18 ක් ලබා සිටියදී මහමදුල්ලා රියාද්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට ලක්විය.
ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.මිරාස් ප.මහෙදි 68
කුසල් පෙරේරා - පිටියෙන් ඉවත්ව ගියා 34
කුසල් මෙන්ඩිස් - ඇ.ශැන්ටෝ ප.නසුම් 22
සදීර සමරවික්‍රම - ඇ.ශැන්ටෝ ප.මහෙදි 2
චරිත් අසලංක - ඇ.මිරාස් ප.මහෙදි 18
ධනංජය ද සිල්වා - ඇ.මහමදුල්ලා ප.මිරාස් 55
දසුන් ශානක - ඇ.ටැන්සින් ප.ෂොරිෆුල් 3
දිමුත් කරුණාරත්න - දුවද්දී දැවී ගියා 18
දුනිත් වෙල්ලාලගේ - දුවද්දී දැවී ගියා 10
දුෂාන් හේමන්ත - ඇ.මුෂ්ෆිකුර් ප.ටැන්සිම් 11
ළහිරු කුමාර - නොදැවී 13
අතිරේක 9
එකතුව ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 263
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ සහ දිල්ෂාන් මධුෂංක
කඩුලු වැටීම :
1-104(මෙන්ඩිස්), 2-107(සදීර), 3-132(පැතුම්), 4-164(චරිත්), 5-177(දසුන්), 6-218(දිමුත්), 7-229(ධනංජය), 8-246(දුනිත්), 9-263(දුෂාන්)
පන්දු යැවීම :
ටස්කින් අහමඩ් 7-0-29-0, ටැන්සිම් හසන් 5.1-0-33-1, ෂොරිෆුල් ඉස්ලාම් 5-0-35-1, නසුම් අහමඩ් 8-0-51-1, හසන් මෙහෙමුද් 5-0-44-0, මහෙදි හසන් 9-0-36-3, මෙහෙදි හසන් මිරාස් 10-0-32-1
බංග්ලාදේශය
ටැන්සිඩ් හසන් - ඇ.අසලංක ප.ළහිරු 84
ලිටන් දාස් - ඇ.මතීෂ ප.හේමන්ත 61
මෙහෙදි හසන් මිරාස් - නොදැවී 67
තව්හිද් රිඩෝයි - ඇ.මෙන්ඩිස් ප.දුනිත් 0
මුෂ්ෆිකුර් රහීම් - නොදැවී 35
අතිරේක 17
එකතුව ඕවර 42 කදී කඩුලු 3 ක් දැවී 264
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
මහමදුල්ලා රියාද්, මහෙදි හසන්, නසුම් අහමඩ්, ටැන්සිම් සහස්, ටස්කින් අහමඩ්, සහන් මහමුද්, නජ්මුල් ශැන්ටෝ, සකීබ් අල් හසන්, මුස්තෆිසුර් රහමන් සහ ෂොරිෆුල් ඉස්ලාම්
කඩුලු වැටීම :
1-131(දාස්), 2-183(ටැන්සිඩ්), 3-188(රිඩෝයි),
පන්දු යැවීම :
කසුන් රාජිත 6-0-39-0, දිල්ෂාන් මධුෂංක 7-0-32-0, ළහිරු කුමාර 6-0-30-1, දුනිත් වෙල්ලාලගේ 8-0-57-1, මතීෂ පතිරණ 4-0-42-0, දුෂාන් හේමන්ත 9-0-45-1, ධනංජය ද සිල්වා 2-0-12-0
පැතුම් නිස්සංක...
ධනංජය ද සිල්වා...
ටැන්සිඩ් හසන්...
මහෙදි හසන්...
ලිටන් දාස්...