Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පළමු පෙරළිය හෙදර් වොට්සන්ගෙන්

පළමු පෙරළිය හෙදර් වොට්සන්ගෙන්

ශනුක අරවින්ද - 2017 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියානුවන්ගේ කීර්තිය රැක ගැනීමේ පීඩනය සිතින් දරාගෙන මෙවර  ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියට එක්වූ සමන්තා ස්ටෝසර් පළමු වටයේදීම එළියට ඇද දමමින් තරගාවලියේ පළමු පෙරළිය කිරීමට බි‍්‍රතාන්‍යයේ යොවුන් කී‍්‍රඩිකා හෙදර් වොට්සන් සමත්වූවාය.

මෙල්බර්න් ටෙනිස් පිටියේදී දහස් සංඛ්‍යාත  ඕස්ටේ‍්‍රලිනුවන්ගේ ජයඝෝෂා මැද තරගයට පිවිසි අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 18 වැනි තැන පසුවන සමන්තා ලකුණු 6-3, 3-6ක් සහ 6-0 කින් පරදවා බි‍්‍රතාන්‍ය ධජය මෙල්බර්න් පිටියේ ඉහළට ඔසවා තැබූ 24 හැවිරිදි හෙදර් පැය 2කුත්, මිනිත්තු 15කින් තරගය නිමා කළාය. ශ්‍රේණිගත කිරීම්වල 81 වැනි ස්ථානයේ පසුවන හෙදර්ගේ දැන් කල්පනාව දෙවැනි වටයේදී සිය රටේහිම ප‍්‍රතිවාදී කී‍්‍රඩිකා ජොහානා කොන්ටා පරදවා සිය ආධිපත්‍යය මෙල්බර්න් පිටියේ පතුරුවාලීමටය.

”අද දවස නම් අමතක වෙන එකක් නෑ..” තරගයේ ජයග‍්‍රහණයෙන් උද්දාමයට පත් හෙදර් එසේ කියද්දී  ඕස්ටේ‍්‍රලියාවේ අංක එකේ කී‍්‍රඩිකාව වන සමන්තා පිටියෙන් ඉවත්වූයේ කඳුලූ පිරි දෙනෙතින් යුතුවය.

‘සෑම් (සමන්තා) විශිෂ්ට කී‍්‍රඩිකාවක්. මේ තරගයට කළින් මං තරග 2ක් විතර ඇය සමග කී‍්‍රඩා කර තිබෙනවා. ඒ තරග 2 කින්ම ඇය මාව පැරැද්දුවා” ඇය කීවාය.

මීට පෙර අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ පවා දිනා ඇති සමන්තා මැත කාලයේ දී දස්කම් අතර නොසිටි බැව් සැබෑය. නමුත් සිය ඉක්මන් පාද චලනයෙන් හා වේගවත් ඩෑෂ් පහරවලින් කී‍්‍රඩාලෝලීන් අමන්දානන්දයට  පත් කළ හෙදර්ගේ දස්කම් අඩු තක්සේරු කළ නොහැකි බව විචාරකයෝ කියති.

වසර 2006 දී බි‍්‍රතාන්‍යයේ අවුරුදු 14 න් පහළ ටෙනිස් ශූරතාව දිනාගනිමින් අනාගතයේ දී අන්තර්ජාතික ටෙනිස් පිටියේ දිදුලන තාරකාවක් වීමේ පෙරනිමිති පහළ කළ මේ රූමත් කී‍්‍රඩිකාව 2010 දී සිය මංගල ග‍්‍රෑන්ඞ් ස්ලැම් තරගාවලියට පිවිසියේ විම්බල්ඩන් තරගාවලියේදීය.

එහෙත් එවර පළමු වටයෙන් ඉවතට විසිවූ ඇයට වසර 7 ක ග‍්‍රෑන්ඞ් ස්ලෑම් තරග දිවියේ තුන්වැනි වටයෙන් ඔබ්බට යාමට මෙතෙක් වාසනාව හිමිවී නොමැත.

වසර 2010 සිට මේ දක්වා ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා 26 කට කී‍්‍රඩා කර ඇති හෙදර් අවසන් වරට  ඕස්ටේ‍්‍රලියානු විවෘත තරගාවලියක තුන්වැනි වටයට ගියේ 2013 දීය.

 

- 077

 


අදහස් (0)

පළමු පෙරළිය හෙදර් වොට්සන්ගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.