Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඉන්දීයාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 110 ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 17.5 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ. දිනේෂ් කාර්තික් (නොදැවී 31) සහ කෘනාල් පාණ්ඩ්‍යා (නොදැවී 21) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 27 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
පන්දු 34 කදී වාර්තා වූ කාර්තික්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 9 කදී වාර්තා වූ පාණ්ඩ්‍යාගේ ඉනිම හතරේ පහර 3 කින් සමන්විත විය. ලෝකේෂ් රාහුල් පන්දු 22 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක්ද, මනීෂ් පාණ්ඩ්‍යා පන්දු 24 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 19 ක්ද රැස්කරමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයට සිය දායකත්වය සැපයූහ.
ඔෂේන් තෝමස් ලකුණු 21 කට කඩුලු 2 ක්ද, නායක කාර්ලෝස් බ්‍රැත්වේට් ලකුණු 11 කට කඩුලු 2 ක්ද දවාගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වුවද, ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ ලකුණු 109 කට සීමා කිරීමට කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ යාදව් ලකුණු 13 කට කඩුලු 3 ක් බිඳහෙළමින් කොදෙව් ඉනිම අඩපණ කළේය. උමේෂ් යාදව්, කලීල් අහමඞ්, ජස්ප්‍රීත් බුම්රා සහ කෘනාල් පාණ්ඩ්‍යා කඩුල්ල බැගින් දවාගනිමින් කොදෙව් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා යාදව්ට අනගි සහායක් දුන්හ.
පිතිකරුවන් 4 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවීයෑම කොදෙව් කණ්ඩායමට විශාල පාඩුවක් වූ අතර කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ෆබීන් ඇලන් පන්දු 20 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක් රැස්කළේය. ශායි හෝප් පන්දු 10 කදී ලකුණු 14 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 109
(ෆබීන් ඇලන් 27, කීමෝ පෝල් 15, ශායි හෝප් 14, කිරන් පොලාඞ් 14, කුල්දීප් යාදව් 13/3)
ඉන්දීය පිල - ඕවර 17.5 කදී කඩුලු 5 ක් දැවී 110
(ලෝකේෂ් රාහුල් 16, මනීෂ් පාණ්ඬේ 19, දිනේෂ් කාර්තික් නොදැවී 31, කෘනාල් පාණ්ඩ්‍යා නොදැවී 21)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.