Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රංශය පරදමින් ස්පාඤ්ඤය අවසන් තරගයට

ප්‍රංශය පරදමින් ස්පාඤ්ඤය අවසන් තරගයට

editorial - 2024 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුරෝපා පාපන්දු සම්මේලනයේ සංවිධායකත්වයෙන් ජර්මනියේදී පැවැත්වෙන යූරෝ - 2024 ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ප්‍රංශයට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ස්පාඤ්ඤය පෙරේදා (9 වැනිදා) සමත් විය.

මියුනිච් නුවර අලියාන්ස් ඇරීනා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර 9 වැනි විනාඩියේදී ප්‍රංශය වෙනුවෙන් ගෝලයක් ලබාගත් රැන්ඩාල් කෝලෝ සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය. 

කෙසේ වුවත් විනාඩි 12 කට වඩා ප්‍රංශයට තරගයේ පෙරමුණ රැකගැනීමට නොහැකි වූ අතර 21 වැනි විනාඩියේදී ස්පාඤ්ඤය වෙනුවෙන් ලමින් යමාල් ලබාගත් ගෝලයත් සමග තරගය ගෝල 1-1 ක් ලෙස සම තත්වයට පත් විය. 

තවත් විනාඩි 4 ක් ඇතුළත ස්පාඤ්ඤය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ඩැනී ඔල්මෝ සමත් වූ අතර ඉන් අනතුරුව තරගයේ නියමිත කාලය අවසන් වන තෙක්ම ගෝල වාර්තා කිරීමට දෙපිලේම කීඩකයෝ අපොහොත් වූහ. ඒ අනුව ගෝල 2-1 ක් ලෙස ප්‍රංශය පරාජය කරමින් ස්පාඤ්ඤය අවසන් තරගය සුදුසුකම් ලබාගත්තේය. 

මෙම තරගයේදී ස්පාඤ්ඤයේ ජේසුස් නවාස් 14 වැනි විනාඩියේදී සහ ලමින් යමාල් 91 වැනි විනාඩියේදීද, ප්‍රංශයේ ඔරිලියන් ට්චූවාමෙනි 60 වැනි විනාඩියේදී සහ එඩුවරාඩෝ කැමවින්ගා 89 වැනි විනාඩියේදීද විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. 

-036 


අදහස් (0)

ප්‍රංශය පරදමින් ස්පාඤ්ඤය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.