Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සියැට් - ශ්‍රී ලංකා සුපර් සීරිස්’ මෝටර රථ ශූරතාවලියේ සිව්වැනි අදියර ලෙස පන්නල මෝටර් රථ ධාවන පථයේදී පැවැති මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස ප්‍රමුඛ සේසත්ද, දක්ෂතම මෝටර් රථ රියැදුරු ලෙස ෂෙහාරා ජයවර්ධනද සම්මාන දිනාගත්හ.
සිලින්ඩර් ධාරිතාව 1000 ක් වන බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ යතුරුපැදියක් භාවිතා කළ ප්‍රමුඛ සේසත්, ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද විවෘත යතුරුපැදි තරග දෙකම ජයගනිමින් දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය. ඉන් නොනැවතුන ඔහු, ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගයද ජයගනිමින් ත්‍රිත්ව ජයග්‍රහණයකට හිමිකම් කීවේය.
එම තරග තුනේම දෙවැනි ස්ථාන හිමිකර ගැනීමට හොණ්ඩා සී. බී. ආර්. 600 වර්ගයේ යතුරුපැදියක් භාවිතා කළ ශිරාන් සැමුවෙල් සමත් වූ අතර තෙවැනි ස්ථාන හිමිකරගැනීමට හොණ්ඩා සී. බී. ආර්. 600 වර්ගයේ යතුරුපැදියක් භාවිතා කළ ලතික ශමාල් සමත් විය.
|
තරගාවලියේ ප්‍රධානතම මෝටර් රථ ඉසව්ව වූ එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය නොවැලැක්විය හැකි හේතුවක් මත අත්හැර දැමීමට සංවිධායකයන්ට සිදුවූ අතර එම නිසා එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගයෙන් දක්ෂතම මෝටර් රථ රියැදුරු තොරාගැනිණ.
හොණ්ඩා සිවික් 1618 වර්ගයේ මෝටර් රථයක් භාවිතා කළ ෂෙහාරා ජයවර්ධන, සෙසු තරගකරුවන් පසුපසට ඇද දමමින් එම තරගය ජයගත්තේ පළමු වරට දක්ෂතම මෝටර් රථ රියැදුරු සම්මානයට හිමිකිම් කියමිනි.
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ (ඉන්ධන විද්‍යුත් විසරණ) තරග දෙකම ජය ගැනීමට චන්දිම ගුණරත්න සමත් වූයේ එම තරග දෙකේදීම බ්‍රයන් පෙරේරා දෙවැනි ස්ථානයට පත්කරමිනි.
වේගවත් යතුරුපැදි තරග ඉසව්වක් වන සුපර් මෝටාඞ් කාණ්ඩයේ සිලින්ඩර ධාරිතාව 250 දක්වා තරගය මෙන්ම සිලින්ඩර ධාරිතාව 450 දක්වා තරගයද ජයගනිමින් ද්විත්ව ජයග්‍රහණයකයට හිමිකම් කීමට සංගීත් සූරියගේ සමත් විය.
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය ජය ගැනීමට කුෂාන් පීරිස් සමත් වෙද්දී, එම කාණ්ඩයේම ෆෝඞ් ලේසර්/මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය ජය රජිත් උළුවිට සතුවිය.
ශ්‍රී ලංකා රේසිං රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය, ආසියානු මෝටර් රථ ක්‍රීඩා සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා සියැට් සමාගම ලෙස කටයුතු කළේය.
![]() |
|
යතුරුපැදි තරග ප්‍රතිඵල
‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 සිට 160 දක්වා) යතුරුපැදි තරගය
1 කුෂාන් චමෝද් (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 විනුල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)
3 නිකිල පතිරගේ (හොණ්ඩා සී. බී. ආර්. 150)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 හේෂාන් පසිඳු (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 ගනේෂාන් විජේකුමාර් (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 චතුර මධුසංක (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපර් මෝටාඞ් යකුරුපැදි තරගය
1 සංගීත් සූරියගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
2 කසුන් ධනුෂ්ක (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 කවිඳු දුෂාන් (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)
’ආර්’ කාණ්ඩයේ රේසිං (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 ශසාන් ඉස්මත් නූන් (හොණ්ඩා ආර්. එස්. 125)
2 උදේෂ් වෙඩිසිංහ (හොණ්ඩා ආර්. එස්. 125)
3 වී. ටී. විජේකුමාර් (හොණ්ඩා ආර්. එස්. 125)
‘ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය (සි. ධා. 125 දක්වා) යතුරුපැදි තරගය
1 එම්. සී. එස්. පෙරේරා (හොණ්ඩා 125)
2 පී. ඒ. එස්. චින්තක (හොණ්ඩා ජේ. එක්ස්. 125)
3 චමින්ද සුභසිංහ (හොණ්ඩා සී. බී. 125)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) යතුරුපැදි තරගය
1 ප්‍රමුඛ සේසත් (හොණ්ඩා සී. බී. ආර්. 600)
2 ශිරාන් සැමුවෙල් (හොණ්ඩා සී. බී. ආර්. 600)
3 ලතික ශමාල් (හොණ්ඩා සී. බී. ආර්. 600)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) යතුරුපැදි තරගය
1 අෂේන් සේනාධීර (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 හේෂාන් පසිඳු (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 එන්. එස්. එම්. ශසාන් (හොණ්ඩා සී. බී. ආර්. 250)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද විවෘත යතුරුපැදි පළමු තරගය
1 ප්‍රමුඛ සේසත් (බී. එම්. ඩබ්ලිව්. 1000)
2 ශිරාන් සැමුවෙල් (හොණ්ඩා සී. බී. ආර්. 600)
3 ලතික ශමාල් (හොණ්ඩා සී. බී. ආර්. 600)
එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තරගය
1 සංගීත් සූරියගේ (හොණ්ඩා සී. ආර්. එෆ්. 450)
2 දේෂාන් සොලංකි (කේ. ටී. එම්. 450)
3 ආනන්ද වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද විවෘත යතුරුපැදි දෙවැනි තරගය
1 ප්‍රමුඛ සේසත් (බී. එම්. ඩබ්ලිව්. 1000)
2 ශිරාන් සැමුවෙල් (හොණ්ඩා සී. බී. ආර්. 600)
3 ලතික ශමාල් (හොණ්ඩා සී. බී. ආර්. 600)
මෝටර් රථ තරග ප්‍රතිඵල
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මිනි 7 මෝටර් රථ තරගය
1 කේ. පරමේෂ්වරන් (ඔස්ටින් මිනි 1000)
2 අජිත් කීර්ති (ඔටෝබස්ක් මිනි 1000)
3 නාමල් සිල්වා (ඔස්ටින් මිනි 1000)
එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) නිසාන් මාර්ච් මෝටර් රථ තරගය
1 ඬේවින් සේරසිංහ (නිසාන් මාර්ච් 1000)
2 සප්න මින්සර (නිසාන් මාර්ච් 1000)
3 යසිත් ගමගේ (නිසාන් මාර්ච් 1000)
එස්. එල්. ඒ. කාණ්ඩයේ (සි. ධා. 1050 දක්වා) මෝටර් රථ තරගය
1 මයිකල් විජේසූරිය (ටොයොටා විට්ස් 1050)
2 රොහාන් ද සිල්වා (ටොයොටා විට්ස් 1000)
3 අජිත් කීර්ති (ඔටෝබස්ක් මිනි 1028)
එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1618 දක්වා) මෝටර් රථ තරගය
1 ෂෙහාරා ජයවර්ධන (හොණ්ඩා සිවික් 1618)
2 මයිකල් විජේසූරිය (හොණ්ඩා සිවික් 1618)
3 ප්‍රසන්න රාජකුලේන්ද්‍රන් (හොණ්ඩා සිවික් 1600)
එස්. එල්. ඊ. කාණ්ඩයේ (සි. ධා. 1275 දක්වා) මිනි මෝටර් රථ තරගය
1 ටිරාන් පෙරේරා (ඔස්ටින් මිනි 1275)
2 චානක ජීවන්ත (ඔස්ටින් මිනි 1275)
3 නීල් වීරසිංහ (ඔස්ටින් මිනි 1275)
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ පළමු තරගය (ඉන්දන විද්‍යුත් විසරණ)
1 චන්දිම ගුණරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
2 බ්‍රයන් පෙරේරා (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
3 කෙවින් පෙරේරා (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමිලියා 1300)
2 සුසන්ත ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
3 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1300)
ෆෝර්මියුලා මැක්ලරන්ස් 4 (සි. ධා. 1300 දක්වා) මෝටර් රථ දෙවැනි තරගය (ඉන්දන විද්‍යුත් විසරණ)
1 චන්දිම ගුණරත්න (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
2 බ්‍රයන් පෙරේරා (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
3 ලියෑම් ලෝරන්ස් (ෆෝර්මියුලා මැක්ලරන්ස් ඊ. එෆ්. අයි. 1300)
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය
1 රජිත් උළුවිට (ෆෝඞ් ලේසර් 1500)
2 කාවින්ද්‍ර සෙනෙවිරත්න (මැස්ඩා ෆැමීලියා 1500)
3 ලකිත් ජිනදාස (මැස්ඩා ෆැමීලියා 1500)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.