Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රේක්ෂකයන් සියයට 70 කට අවසර

ප්‍රේක්ෂකයන් සියයට 70 කට අවසර

editorial - 2021 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී (ඕමානයේදී පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ වටයේ සමහර තරග ඇතුළුව) පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලානය තරඟාවලිය පුරාම ක්‍රීඩාංගණ ධාරිතාවෙන් 70% ක පමණ ප්‍රේක්‍ෂක පිරිසකට තරග නැරඹීමට සූදානම් කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනය කරයි. 

කොරෝනා වසංගතයෙන් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විශාලතම තරඟාවලිය මෙය වන අතර එමඟින් රසිකයින්ගේ වැඩිම සහභාගීත්වය සමගින් පැවැත්වෙන තරඟාවලිය මෙය වනු ඇත. 

මේ වසරේ ජුනි මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති පාකිස්තාන සුපර් ලීග් දෙවන අදියර නරඹන්නන් සඳහා විවෘත නොවූ අතර, දැනට පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා සීමිත ආසන සංඛ්‍යාවකට පමණක් ක්‍රීඩාංගණවලට රසිකයන් ගෙන්වා ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අයි.පී.එල් තරඟ සඳහා ප්‍රේක්ෂකයින්ට ඉඩ සලසා දීම කර ඇත්තේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසිනි. 

“අන්තර්ජාතික ක්‍රිකට් සභාව සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සත්කාරකත්වය දරන බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් ආරක්ෂිත පරිසරයක් තුළ රසිකයන් පිළිගත හැකි බව සහතික කර ඇති අතර කොවිඞ් - 19 නියමයන් සෑම ක්‍රීඩාංගණයකටම අදාළ වෙනවා” යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

- 2079


අදහස් (0)

ප්‍රේක්ෂකයන් සියයට 70 කට අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.