Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිම්බාබ්වේ සහ පාකිස්තානය අතර පර්ත් නුවරදී අද (27 වැනිදා) පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 130 ක් ලබාගත්තේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් වසීම් සිය ඕවර 4 ලකුණු 24 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවේය. සිම්බාබ්වේ ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා වසීම්ට අනගි සහායක් දුන් ශදාබ් ඛාන් කඩුලු 3 ක් දවාගත්තේ සිය ඕවර 4 ලකුණු 23 කට සීමා කරමිනි.
සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ෂොන් විලියම්ස් පන්දු 28 කින් ලකුණු 31 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. නායක ක්‍රෙග් අර්වින් පන්දු 19 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 19 ක්ද, බ්‍රැඩ් එවන්ස් පන්දු 15 කදී හයේ පහරක් සමග ලකුණු 19 ක්ද රැස්කළහ.
සිම්බාබ්වේ පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 130
(වෙස්ලි මැධිවේරි 17, ක්‍රෙග් අර්වින් 19, ෂොන් විලියම්ස් 31, බ්‍රැඩ් එවන්ස් 19, මොහොමඩ් වසීම් 24/4, ශදාබ් ඛාන් 23/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.