Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ ඇෆ්ඝනිස්ථානය අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 142 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද පාකිස්තානුවෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට ඕවර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 59 ක් පමණි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ හාරිස් රවුෆ්, නිලකුණු ඕවර 2 ක්ද සමග ඕවර 6.2 ක් යවමින් ලකුණු 18 කට කඩුලු 5 ක් දවාගෙන තරගයේ වීරයා බවට පත්විය.
කාසියේ වාසිය දිනූ පාකිස්තානය ඕවර 47.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 201 ක් ලබාගත් අතර පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ඉමාම් උල්හක් පන්දු 94 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 61 ක් රැස්කළේය. ශදාබ් ඛාන් පන්දු 50 කදී ලකුණු 39 ක්ද, ඉෆ්තිකර් අහමඩ් පන්දු 41 කදී ලකුණු 30 ක්ද රැස්කළහ.
පාකිස්තානය - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 201
(ඉමාම් උල්හක් 61, මොහොමඩ් රිස්වාන් 21, ඉෆ්තිකර් අහමඩ් 30, ශදාබ් ඛාන් 39, නසීම් ෂා නොදැවි 18, මුජිබුර් රහමන් 33/3, මොහොමඩ් නබී 34/2, රෂීඩ් ඛාන් 42/2)
ඇෆ්ඝනිස්ථානය - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 59
(රහ්මනුල්ලා ගුර්බාස් 18, අස්මතුල්ලා ඔමර්සායි 16, හාරිස් රවුෆ් 18/5, ශහීන් අෆ්රිඩි 09/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.