Last Update  :  2025-01-15 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානයත් ශ්‍රී ලංකා - නවසීලන්ත බෝට්ටුවේම නගී
වි-20 ලෝක කුසලාන 2024

පාකිස්තානයත් ශ්‍රී ලංකා - නවසීලන්ත බෝට්ටුවේම නගී

editorial - 2024 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ශාන්ත ලුසියාහි ග්‍රොස් අයිලට් සිට..)

ඇමරිකා එක්සත් ජනපදය සහ අයර්ලන්තය අතර ලෝඩර්හිල් නුවර සෙන්ට්‍රල් බ්‍රෝවඩ් ප්‍රාදේශීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමග ඇමරිකාව ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර පාකිස්තානය තරගාවලියෙන් ඉවතට විසිවිය.

එම තරගය වැස්සට සේදී යෑම හේතුවෙන් පාකිස්තානය පමණක් නොව ‘එ්’ කාණ්ඩයට ඇතුළත්ව සිටි සෙසු රටවල් වන කැනඩාවට සහ අයර්ලන්තයටද සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාවන් අහිමි විය. එපමණක් නොව එදා මෙදා තුර විස්සයි-20 ලෝක කුසලාන ඉතිහාසයේ ඇමරිකානු කණ්ඩායමක් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවද මෙය විය.

2009 වසරේදී විස්සයි-20 ලෝක ශූරයන් මෙන්ම 2007 සහ 2022 වසරවලදී අනු ශූරයන් බවට පත්වූ පාකිස්තානය තවත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි 3 කදී (2010, 2012 සහ 2021) අවසන් පූර්ව වටය දක්වාද පිවිසි ප්‍රබල කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය. ‍කෙසේ වුවත් මෙවර තරගාවලියේදී ඇමරිකාව සහ ඉන්දියාව හමුවේ ඉතා තියුණු පරාජයන් ලැබීම හේතුවෙන් ඔවුන්ට මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.

මේ වන විට ‘ඒ’ කාණ්ඩයේ තවත් තරග 2 ක්ද, ‘සී’ කාණ්ඩයේ තවත් තරග 3 ක්ද ඉතිරිව ඇති නමුත් එම කාණ්ඩ දෙකෙන් කණ්ඩායම් දෙක බැගින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සෙසු කණ්ඩායම් 6 තරගාවලියෙන් ඉවත්වී ත‍ිබේ. ඉන්දියාව, ඇමරිකාව, ඇෆ්ඝනිස්ථානය සහ ‍බටහිර ඉන්දීය කොදෙව් පිල එම කාණ්ඩ දෙකෙන් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ රටවල් විය.

‘බී’ කාණ්ඩයෙන් සහ ‘ඩී’ කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව මේ වන විට සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටින අතර එම කාණ්ඩ දෙකෙන් සුපිරි  8 දෙනාගේ වටයට සුදුසුකම් ලබන සෙසු කණ්ඩායම් දෙක කුමක්දැයි තවත් දින දෙකක් ඇතුළත තහවුරු වනු ඇත. එම ස්ථාන දෙක සඳහා එංගලන්තය සමග ස්කොට්ලන්තයද, බංග්ලාදේශය සමග නෙදර්ලන්තයද තියුණු සටනක නිරත වෙමින් සිටියි. 


අදහස් (0)

පාකිස්තානයත් ශ්‍රී ලංකා - නවසීලන්ත බෝට්ටුවේම නගී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.