Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය ලකුණු 295 ක් පසුපසින්
කරච්චි ටෙස්ට් තරගය

පාකිස්තානය ලකුණු 295 ක් පසුපසින්

editorial - 2023 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ පාකිස්තානය අතර කරච්චි නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (3 වැනිදා) නිමාවට පත්වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තානය කඩුලු 3 ක් දැවී ලකුණු 154 ක් ලබා සිටියේය.

ඒ අනුව පළමු ඉනිමේදී ඔවුහු කඩුලු 7 ක් අතැතිව නවසීලන්තයට වඩා තවත් ලකුණු 295 ක් පසුපසින් සිටිති. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ආරම්භක පිතිකරු ඉමාම් උල්හක් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 74 ක්ද, සෞද් ශකීල් නොදැවී ලකුණු 13 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

පළමු දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 309 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 143 ක් එක්කර ගත්තේය. එහිදී ටොම් බ්ලන්ඩල් (51) සහ මැට් හෙන්රි (නොදැවී 68) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

ලකුණු 345 කට කඩුලු 9 ක් බිඳවැටී තිබියදී අජාස් පටේල් (35) සමග එක්වූ හෙන්රි, නවසීලන්ත ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය. පන්දු 81 කට මුහුණදුන් හෙන්රිගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.


නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 449
(ටොම් ලේතම් 71, ඩෙවෝන් කොන්වේ 122, කේන් විලියම්සන් 36, හෙන්රි නිකෝල්ස් 26, ටොම් බ්ලන්ඩල් 51, මැට් හෙන්රි නොදැවී 68, අජාස් පටේල් 35, අබ්රාර් අහමඩ් 149/4, නසීම් ෂා 71/3, ආගා සල්මාන් 75/3)

පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 3 කදී ලකුණු 154
(අබ්දුල්ලා ශෆීක් 19, ඉමාම් උල්හක් නොදැවී 74, ශාන් මසූද් 20, බාබර් අසාම් 24)

-036

 


අදහස් (0)

පාකිස්තානය ලකුණු 295 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.