Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)
එක්දින තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට පෙර පාකිස්තානු කණ්ඩායම මුහුණ දී සිටි අර්බුදය වසන් කළ හැකිව තිබූ එකක් නොවීය. එහෙත් එවන් අර්බුද තාවකාළික යයි තහවුරු කළ පාකිස්තානුවෝ ඕස්ට්‍රේලියාවේදීම ඕස්ට්‍රේලියානුවන් පරදවා 2-1 තරගාවලිය ජයක් අත්කර ගත්හ.
පර්ත් නුවර ඔප්ටස් ක්‍රීඩාංගණයේදී අද පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 140 කට දවාගත් පාකිස්තානුවෝ කඩුලු 2 ක් දැවී ලකුණු 143 ක් ලබාගනිමින් තුන්වැනි තරගය මෙන්ම තරගවලියත් ජයගත්හ. එය පාකිස්තානුවන් වසර 22 කට පසුව ඕස්ටේ්රලියාවේදී ලබාගත් එක්දින තරගාවලි ජයකි.
මෙල්බර්න් නුවරදී පැවැති පළමු එක්දින තරගයේදී පාකිස්තානුවෝ සියුම් පරාජයකට මුහුණ දුන්හ. එහෙත් ඇඩිලේඩ් සහ පර්ත් නුවර වලදී පැවැති තරග දෙකේදීම විශිෂ්ට දස්කම් දැක්වූ පාකිස්තානුවෝ තමන් වෙත ඇලී තිබෙන “කොයි මෙහොතේ මොනවා කරාවි දැයි විශ්වාස කළ නොහැකි” ලේබලය නැවත වරක් තහවුරු කළහ.
පාකිස්තානුවන් ගෙදරටම ගිහින් පරාජය කළේ ලෝක කුසලාන දිනා සිටින ඕස්ටේ්රලියානු කණ්ඩායමයි. එය තමන්ගේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් විවේක ගැන්වූ ඕස්ට්‍රේලියානුවන්ට කළ කදිම සරදමකි.
පර්ත් නුවරදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පිතිහරඹය තෝරාගත් ඕස්ට්‍රේලියානු පිලේ ඉදිරිපෙළ පිතිකරුවන් හත් දෙනාගෙන් ඉලක්කම් දෙකකින් ලියාගත හැකි ලකුණු සංඛ්‍යාවක් ලබාගත්තේ මැතිව් ෂෝට් (22) සහ ඒරන් හාඩි (12) පමණි. ලකුණු සංඛ්‍යාව 88 ක් වෙද්දී කඩුලු 6 ක් බිඳවැටී තිබුණු අතර ශහීන් ෂා අෆ්රීඩි සහ නසීම් ෂා කඩුලු 6 ක් බෙදා ගත්හ.
මොහොමඩ් හස්නයින්ගේ පන්දුවක් අතේ වැදීම නිසා තුවාල ලැබූ කූපර් කොනලි පිටියෙන් ඉවත්ව ගිය අතර මොහොමඩ් හස්නයින් සහ හාරිස් රවුෆ් දෙදෙනා ඉතිරි කඩුලු තුන ලබාගත්හ.
ක්රමානුකූල ආක්‍රමණයක නිරත වූ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන සයිම් අයුබ් (42) සහ අබ්දුල්ලා ශෆීක් (37) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. එකම ඕවරයකදී ඔවුන් දෙදෙනාම දැවී ගිය නමුත් මොහොමඩ් රිස්වාන් (නොදැවී 30) සහ බාබර් අසාම් (නොදැවී 28) තරගය අහවර කළහ.
පාකිස්තානුවෝ ඕස්ට්‍රේලියානු සංචාරය නිමා කිරීමට පෙර තවත් විස්සයි-20 තරග 3 කට සහභාගි වෙති. විස්සයි-20 තරගාවලිය ලබන බ්‍රහස්පතින්දා (14 වැනිදා) ආරම්භ වේ.
ඕස්ට්‍රේලියාව - ඕවර 31.5 කදී සියලු දෙනා දැවී 140 යි
(මැතිව් ෂෝට් 22, ඒරන් හාඩි 12, ෂෝන් ඇබට් 30, ඇඩම් සම්පා 13, ස්පෙන්සර් ජොන්සන් නොදැවී 12, ශහීන් ෂා අෆ්රීඩි 32/3, නසීම් ෂා 54/3, හාරිස් රවුෆ් 24/2)
පාකිස්තානය - ඕවර 26.5 කදී කඩුලු 2 ක් දැවී 143 යි
(සයිම් අයුබ් 42, අබ්දුල්ලා ශෆීක් 37, මොහොමඩ් රිස්වාන් නොදැවී 30, බාබර් අසාම් නොදැවී 28, ලාන්ස් මොරිස් 24/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.