Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය කඩුලු 6 කට ලකුණු 268 යි

පාකිස්තානය කඩුලු 6 කට ලකුණු 268 යි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තය සහ පාකිස්තානය අතර ඩබ්ලින්හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (12 වැනිදා) මන්දාලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාක්ස්තාන කණ්ඩාම කඩුලු 6 ක් දැවී ලකුණු 268 ක් ලබා සිටියේය.

වර්ෂාව හේතුවෙන් පළමු දිනය වූ ඊයේ (11 වැනිදා) තරගය නොපැවැත්වුණ අතර අද උදෑසන කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායමේ නායක විලියම් පොටර්ෆීල්ඞ් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 13 ක් වන විට පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට අයර්ලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. කෙසේ වුවත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හාරිස් සොහේල් (31) සහ අසාද් ශෆීක් (62) පාකිස්තාන ඉනිමට නව ජවයක් එක් කළහ.

ශෆීක්ගේ 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 8 කින් සමන්විත වූ අතර බොයිඞ් රැන්කින්ගේ පන්දුවක් හමුවේ ඇන්ඩි බැල්බීනී අතට උඩ පන්දුවක් දෙමින් ඔහු පිටියෙන් ඉවත්ව ගියේය. ස්ටුවට් තොම්සන්ගේ පන්දුවක් හමුවේ විලියම් පොටර්ෆීල්ඞ් අතට උඩ පන්දුවක් දීමත් සමග හාරිස් සොහේල්ගේ ඉනිමද නිමාවට පත් විය.

බාබර් අසාම්ට (14) සහ නායක සර්ෆරාස් අහමඞ්ට (20) ද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට අයර්ලන්ත පන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන් අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් ටිම් මර්ටැග්ගේ සහ ස්ටුවට් තොම්සන්ගේ පන්දු හමුවේ පෝල් ස්ටාර්ලින් අතට උඩ පන්දු දෙමින් දැවී ගියහ.

ලකුණු 159 කට කඩුලු 6 ක් බිඳවැටී අසීරු තත්ත්වකට පත්ව තිබූ පාකිස්තාන ඉනිම එම තත්ත්වයෙන් මුදවාගත් ශඩාබ් ඛාන් (නොදැවී 52) සහ ෆාහීම් අෂ්රෆ් (නොදැවී 61) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහිදී සිය මංගල අර්ධ ශතකය ලබාගත් අෂ්රෆ්, එය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් අලංකාර කළේය.  අද දිනයේදී ලබාගත් අර්ධ ශතකය ශඩාබ්ගේද මංගල ටෙස්ට් අර්ධ ශතකය වූ අතර ඊට හතරේ පහර 5 ක් අන්තර්ගත විය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ටිම් මර්ටැග්, ස්ටුවට් තොම්සන් සහ බොයිඞ් රැන්කින් කඩුලු 2 බැගින් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් පීඩනයට පත්කිරීමට සමත් වූහ.


පාකිස්තාන පළමු ඉනිම - කඩුලු 6 කට 268
(හාරිස් සොහේල් 31, අසාද් ශෆීක් 62, සර්ෆරාස් අහමඞ් 20, ශඩාබ් ඛාන් නොදැවී 52, ෆාහීම් අෂ්රෆ් නොදැවී 61, ටිම් මර්ටැග් 33/2, ස්ටුවට් තොම්සන් 51/2, බොයිඞ් රැන්කින් 58/2)


- 036


අදහස් (0)

පාකිස්තානය කඩුලු 6 කට ලකුණු 268 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.