Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානයට අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (11) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 330 ක් ලබා ලකුණු 107 ක් පෙරමුණට පැමිණීමට සමත්ව සිටියේය.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද පස්වරුවේ ඕවර 15.3 ක් ඉතිරිව තිබියදී ක‍්‍රීඩාව නතර කරන විට සෆ්රාෂ් අහ්මඞ් (නොදැවී 70) සහ සයිඞ් අජ්මාල් (නොදැවී 07) පන්දුවට පහර දෙමින් සිටියහ.
මෙම තරගයට ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයන් 11 දෙනාට කඩුලූ රකින්නන් සිවුදෙනකු ඇතුළත්ව සිටීම නිසා අවස්ථානුකූල පන්දු යවන්නන් නොමැති වීම දැඩි පාඩුවක් බවට පත්විය. එයට විකල්පයක් ලෙස එක්දින පිලේ කඩුලූ රකින්නා වන කුමාර් සංගක්කාර කැදවුව ද එය ද පළක් නොවීය.
කඩුලූ රකින ක‍්‍රීඩක සෆ්රාෂ් අහ්මඞ් (නොදැවී 70) පාකිස්තානයට අවශ්‍ය අවස්ථාවේදී හොද ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිය පළමු ටෙස්ට් අර්ධ ශතකය රැස් කළේය. සෆ්රාෂ් පන්දු යවන්නන්ට හිස එසවීමට අවස්ථාව නොදී දුර්වල පන්දුවලට ලකුණු රැස් කිරීම කැපී පෙනුණි.
පාකිස්තානු නිත්‍ය කඩුලූ රකින්නා වන අද්නන් අක්මාල් පළමු ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයට සෆ්රාෂ් කැදවීය.
සෆ්රාෂ් අහ්මඞ් සහ බිලාවල් භාටි හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 66 ක තීරණාත්මක සම්බන්ධතාවයට නැවතීම තිත තැබූ ශාමින්ද එරංග, බිලාවල් භාටි ලකුණු 32 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කළේය.
ශ‍්‍රී ලංකා පිලට විශාල අභියෝගයක් බවට පත්ව සිටි මිස්බා උල් හක් පිටියෙන් ඉවත් කරමින් රංගන හේරත් මෙම ඉනිමේ සිය දෙවැනි කඩුල්ල දවා ගත්තේය. නායක මිස්බා උල් හක් පන්දු 248 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 97 ක් ලබා ගත්තේය.
ශාමින්ද එරංග නැවතත් ක‍්‍රියාත්මක වෙමින් අනෙක් අන්තයේ පිතිකරු වූ අසාද් ශාෆික් පස්වැනි කඩුල්ල ලෙස දවා ගැනීමට සමත් විය.
ශාමින්ද එරංග යැවූ දිවා විවේකයෙන් පසුව සිවුවැනි ඕවරයේදී මිස්බා උල් හක් ලකුණු 78 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ක‍්‍රීඩකයකු ලෙස විනිසුරු තීරණය කළ ද විනිසුරු තීරණය නැවත විමසීමේ ක‍්‍රමවේදයෙන් දැවී නොගිය බවට තීරණය කළේය.
සුරංග ලක්මාල් ඊයේ පෙරවරුවේ ශ‍්‍රී ලංකා බලාපොරොත්තු ඉහළට ගෙන එමින් දිනයේ 11 වැනි ඕවර පළමු පන්දුවේදී පාකිස්ථානු පිලේ පවුර බවට පත්ව සිටි යුනිස් ඛාන් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.
යුනිස් ඛාන් සිවුවැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 173 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 77 ක් ලබා සිටියේය.
යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 129 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තානු පිල ගෞරවය රැක ගැනීමේ සටනක නිරත වූහ.
තරගයේ තෙවැනි දිනයේ පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 132 ක් ලබා ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 91 ක් පසු පසින් සිටියේය.
හෙට (12) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.