Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය ලකුණු 45 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

පාකිස්තානය ලකුණු 45 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

Nisanka Sandeepani - 2018 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය ලෙස ඕස්ට්‍රේලියාවට එරෙහිව හරාරේ ක්‍රීඩාගණයේදී ඊයේ (5 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 45 ක පහසු ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 149 ක් පමණි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා පුරෝගාමී වූ ශහීන් අෆ්රිඩි ලකුණු 37 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය. 

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඇලෙක්ස් කේරි පන්දු 24 කදී නොදැවී ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. ආරම්භක පිතිකරු ඩි’ආසි ෂෝට් මන්දගාමී ඉනිකම් ක්‍රීඩා කරමින් පන්දු 34 කදී හතරේ පහරක් සමග ලකුණු 28 ක් රැස්කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 20 ක් අවසානයේ ලකුණු 194 ක් රැස්කිරීමට සමත් වූ අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ෆකාර් සමාන් පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 73 ක් රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. 

හුසේන් ටලාට් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 30 ක්ද, ෂොයිබ් මලික් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද රැස්කරමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ අසීෆ් අලී පන්දු 18 කදී නොදැවී ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගනි. 

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 194 
(ෆකාර් සමාන් 73, හුසේන් ටලාට් 30, ෂොයිබ් මලික් 27, අසීෆ් අලී නොදැවී 37, ඇන්ඩෘ ටේ 35/3, ජේ රිචඞ්සන් 43/2) 

ඕස්ට්‍රේලියාව- ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 149 
(ඩි’ආසි ෂෝට් 28, ඒරන් ෆින්ච් 16, මාකස් ස්ටොයිනිස් 16, ඇලෙක්ස් කේරි නොදැවී 37, ශහීන් අෆ්රිඩි 37/3) 

-036 


අදහස් (0)

පාකිස්තානය ලකුණු 45 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.