Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා පිල පීඩනය වෙනුවට ලිහිළ පාවිච්චි කිරීම නිසා සාජා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (20) අවසන් වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් පාකිස්තානු පිල කඩුලූ 5 ක අනපේක්‍ෂිත ජයක් ලැබීමත් සමග තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.
මෙම පරාජයත් සමග වසර 14 කට ආසන්න කාලයකට පසුව ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ශ‍්‍රී ලංකාවට ඉහළින් සිටින කණ්ඩායමකට එරෙහිව ශ‍්‍රී ලංකාවෙන් පිටතදී ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමේ අවස්ථාව ගිලිහි ගියේය.
පාකිස්තානු පිලට ඕවර 59 කදී ලකුණු 302 ක ඉලක්කයක් බාර වූ අතර එය ඕවර 57.3 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට පාකිස්තානු පිතිකරුවෝ සමත් වූහ. අසාර් අලී අති විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 137 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 103 ක් රැුස් කළේය.
නායක මිස්බා උල් හක් (නොදැවී 68) සහ අසාර් අලී (103) පස්වැනි කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 109 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවෝ බවට පත්වූහ.
සිවුවැනි දිනය වූ ඊයේ (19) පස්වරුවේ සිට ශ‍්‍රී ලංකා පිල තරගය විසදුමකින් තොරව අවසන් කිරීමේ මානසිකත්වයෙන් ක‍්‍රීඩා කළ ආකාරය පැහැදිළි වූ අතර එම මානසිකත්වය ශී‍්‍ර ලංකා පිලේ පරාජයට පාර කැපුවේය.
පාකිස්තානු දෙවැනි ඉනිම ආරම්භයේ සිටම ශ‍්‍රී ලංකා පිල පීඩනය යොමු කරනවා වෙනුවට ලකුණු නතර කිරීමට මූලිකත්ය ලබා දෙමින් පන්දු රකින්නන් යොදවාගත් ආකාරය දැකගත හැකි විය. ඒ හේතුවෙන් පාකිස්තානු පිතිකරුවෝ පහසුවෙන් තනි ලකුණ බැගින් එකතු කර ගැනීමට සමත් වූහ.
රංගන හේරත් සිය සාමාන්‍ය පන්දු යැවීමෙන් බැහැරව පා ඉන්නට මෑතින් පන්දු යැවීමේ ක‍්‍රමවේදයක් පාවිච්චි කළ අතර එය පාකිස්තානු පිතිකරුවන්ට අවදානමකින් තොරව තනි ලකුණු කරා යෑමට ආශීර්වාදයක් විය. ශ‍්‍රී ලංකා පිලේ නිත්‍ය පිට දග පන්දු යවන්නා ලෙස ක‍්‍රීඩා කළ ඩිල්රුවන් පෙරේරා මෙම ඉනිමේ එකම ඕවරයක්වත් යැවීමට යොදවා නොගැනීමට හේතුව පැහැදිළි නොවීය.
පාකිස්තානු පිතිකරුවෝ ආරම්භයේ සිටම ඕවරයකට ලකුණු 5.00 කට වැඩි වේගයක් පවත්වා ගනිමින් පන්දු යවන්නන්ට ප‍්‍රබල අභියෝගයක් යොමු කළහ. සෆ්රාෂ් අහ්මඞ් ජයග‍්‍රහණය සදහා යෑමේ උපක‍්‍රමයක් ලෙස අංක 5 ස්ථානයේ පන්දුවට පහර දුන් අතර සෆ්රාෂ් පන්දු 46 කදී ලකුණු 48 ක් රැස් කරමින් ප‍්‍රතිඵල ගෙන දුන්නේය.
ආසාර් අලී සහ සෆ්රාෂ් අහ්මඞ් සිවුවැනි කඩුල්ල සදහා පන්දු 89 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකා පිලෙන් තරගය මෑත් කිරීමට පදනම දැමූහ.
ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ඇන්ජලෝ මැතිව්ස් (31) සහ ප‍්‍රසන්න ජයවර්ධන (49) පන්දු 94 කදී හය වැනි කඩුල්ලට ලකුණු 62 ක සබදතාවක් පැවැත්වූහ. මැතිව්ස් අද දිනයේ පළමු කඩුල්ල ලෙස පන්දු 128 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 31 ක් ලබා විවේකාගාරයේ අසුන් ගත්තේය.
මැතිව්ස්ගේ දැවී යෑමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා පිතිකරුවන් අනවශ්‍ය ආරක්‍ෂා වීමකට යෑමෙන් ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වූ අතර එතැන් සිට පහර දුන් ඕවර 18 කදී ලකුණු 25 ක් පමණක් එකතු වෙද්දී කඩුලූ 4 බිද වැටුණි. ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි ප‍්‍රසන්න ජයවර්ධන තම අර්ධ ශතකය පිළිබදව අවධානය යොමු නොකර ලකුණු රැස් කළේ නම් ශ‍්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව මීට වඩා වැඩි කිරීමේ හැකියාව තිබුණි.
රංගන හේරත් පිට පිටම දෙවැනි වරටත් පළමු පන්දුවේදී දැවී යෑමෙන් ශ‍්‍රී ලංකා පිල ඉනිම අඩ පණ විය.
මෙම සංචාරයේ විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් වූ අතර එක්දින තරගාවලිය 3-2 ක් ලෙස පාකිස්තානය ජය ලැබීය.
තරගයේ වීරයා: අසාර් අලී
තරගාවලියේ වීරයා: ඇන්ජලෝ මැතිව්ස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.