Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය 3-0 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

පාකිස්තානය 3-0 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඕස්ට්‍රේලියාවට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 33 ක ජයක් ලැබූ පාකිස්තාන ක්‍රීඩකයෝ දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත වූ විස්සයි20 තරගාවලිව 3-0 ක් ලෙස ජයගැනීමටද සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 151 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 19.1 ක් අවසානයේ ලකුණු 117 කට සීමා කිරීමට ශඩාබ් ඛාන් ප්‍රමුඛ පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශඩාබ් ඛාන් ලකුණු 19 කට කඩුලු 3 ක් බිඳහෙළීය.

ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් ඇලෙක්ස් කේරි පන්දු 9 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 20 ක් රැස්කළ නමුත් එම වේගය පවත්වාගෙන යෑමට සෙසු පිතිකරුවෝ අසමත් වූහ. බෙන් මැක්ඩෙමෝට් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 21 ක්ද, මිචෙල් මාෂ් හයේ පහරක් සමග ලකුණු 21 ක්ද රැස්කිරීමට සමත් වුවද, ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 150 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු බාබර් අසාම් පන්දු 40 කදී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි. සහිබ්සාදා ෆර්හාන් හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 39 ක්ද, මෙහොමඞ් හෆීස් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 32 ක්ද රැස්කරමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.


පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 150
(බාබර් අසාම් 50, සහිබ්සාදා ෆර්හාන් 39, මොහොමඞ් හෆීස් නොදැවී 32, ෂොයිබ් මලික් 18, මිචෙල් මාෂ් 6/2)

ඕස්ට්‍රේලියාව - ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 117
(ඇලෙක්ස් කේරි 20, ක්‍රිස් ලයන් 15, බෙන් මැක්ඩොමෝට් 21, මිචෙල් මාෂ් 21, ශඩාබ් ඛාන් 19/3, හසන් අලී 14/2)

-036

 


අදහස් (0)

පාකිස්තානය 3-0 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.