Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයට එරෙහිව ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 6 ක් තියුණු ජයක් අත්කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (2 වැනිදා) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානය කණ්ඩායමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.
තරගය ජයගැනීම සඳහා පාකිස්තානය කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 7 ක් රැස්කිරීමට සිදු විය. ඇඩම් මිලන් යැවූ එම ඕවරයේ පළමු පන්දුවේදී ලකුණක් ලබාගැනීමට මොහොමඞ් හෆීස් සමත් වුවද, දෙවැනි පන්දුවේදී ග්ලේන් පිලිප්ස් අතට උඩ පන්දුවක් දෙමින් ෂොයිබ් මලික් ලකුණු 10 කට දැවී ගියේය. කෙසේ වුවත් තෙවැනි පන්දුවේදී ලකුණු 2 ක්ද, සිවුවැනි පන්දුවේදී ලකුණු 4 ක්ද රැස්කළ හෆීස් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
පන්දු 21 කට මුහුණ දුන් හෆීස් එහිදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 34 ක් රැස්කළේය. ඔහුට අනගි සහායක් දුන් අසීෆ් අලී පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 38 කි.
පාකිස්තාන කණ්ඩායමට කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ෆකාර් සමාන් (24) සහ බාබර් අසාම් (40) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 28 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 15 කදී වාර්තා වූ සමාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 41 කදී වාර්තා වූ අසාම්ගේ ඉනිම හතරේ පහර 4 කින් සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 තුළදී ලකුණු 153 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ කෝරි ඇන්ඩසන් පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කළේය.
කොලින් මුන්රෝ පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක්ද, කේන් විලියම්ස් පන්දු 34 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 37 ක්ද රැස්කරමින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශහීන් අෆ්රිඩි සිය ඕවර 4 ක ලකුණු 20 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය. කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඞ් සමග එක්ව දුවද්දී දවාගැනීමකටද ඔහු දායක විය.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 7 කට 153
(කොලින් මුන්රෝ 44, කේන් විලියම්සන් 37, කෝරි ඇන්ඩසන් නොදැවී 44, ශහීන් අෆ්රිඩි 20/3)
පාකිස්තානය - ඕවර 19.4 කදී කඩුලු 4 කට 154
(ෆකාර් සමාන් 24, බාබර් අසාම් 40, අසීෆ් අලී 38, මොහොමඞ් හෆීස් නොදැවී 34, ඇඩම් මිලන් 2/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.