Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර කේප් ටවුන්හි නිව්ලෑන්ඞ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තාන පළමු ඉනිම ලකුණු 177 කට සීමා කිරීමට ඩුඈන් ඔලිවර් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.
පළමු දිනය අවසානයේ පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 123 ක් ලබා සිටි අතර ඒ වන විට හෂීම් අම්ලා ලකුණු 24 ක් ලබා නොදැවී පන්දුවට පහරදෙමින් සිටියේය.
දක්ෂ පිතිහරඹයක නිරත වූ ඒඞ්න් මාක්‍රම් හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 78 ක් රැස්කළ අතර ඩීන් එල්ගා (20) සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 56 ක්ද, හශීම් අම්ලා (24) සමග එක්ව දෙවැනි කඩුල්ලට 67 ක්ද එක්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමටද ඔහු සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතයක් ලබාගැනීමට නායක සර්ෆරාස් අහමඞ් (56) සමත් වූ අතර ඊට හතරේ පහර 9 ක් ඇතුළත් විය. සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා අහමඞ්ට අනගි සහයක් දුන් ශාන් මසූද් ලකුණු 44 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගිනි.
දකුණු අප්‍රිකානු පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී පාකිස්තාන කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවන් වන ඉමාම් උල්හක් ලකුණු 8 කටද, ෆකාර් සමාන් එක් ලකුණකටද, අසාර් අලී ලකුණු 2 කටද, බාබර් අසාම් ලකුණු 2 කටද දැවී ගියහ.
පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 11 ක් දවාගත් ඩුඈන් ඔලිවර් මෙම තරගයේ පළමු ඉනිමේදීද දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 48 කට කඩුලු 4 ක් දවාගත්තේය. පාකිස්තාන ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඬේල් ස්ටේන් ලකුණු 48 කට කඩුලු 3 ක්ද, කගිසෝ රබාඩා ලකුණු 35 කට කඩුලු 2 ක්ද දවාගැනීමට සමත් වූහ.
පාකිස්තානය - පළමු ඉනිම - සියලු දෙනා දැවී 177
(ශාන් මසූද් 44, අසාද් ශෆීක් 20, සර්ෆරාස් අහමඞ් 56, මොහොමඞ් අමීර් 22, ඩුඈන් ඔලිවර් 48/4, ඬේල් ස්ටේස් 48/3, කගිසෝ රබාඩා 35/2)
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 123
(ඒඞ්න් මාක්‍රම් 78, ඩීන් එල්ගා 20, හෂීම් අම්ලා නොදැවී 24)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.