Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය ලකුණු 50 කින් ජයගනී

පාකිස්තානය ලකුණු 50 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


    

විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි දහය’ වටයේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර දෙවැනි කාණ්ඩයේ මීර්පූහිදී අද (30) පැවැති තරගයෙන් පාකිස්තානය ලකුණු 50 ක පහසු ජයක් ලැබීය.

ජයග‍්‍රහණය සදහා ලකුණු 191 ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශය පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 140 ක් පමණි.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය වෙනුවෙන් අහ්මඞ් ශෙෂාඞ් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 62 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 111 ක් රැස් කිරීමට සමත් විය.

පාකිස්තානු ප‍්‍රබල පිතිකරුවන් වන කම්රාන් අක්මාල් (09), මොහොමඞ් හෆීෂ් (08) සහ උමාර් අක්මාල් (0) අසාර්ථක වූහ.

පාකිස්තානු නායක මොහොමඞ් හෆීෂ් කාසියේ වාසිය ලබා පළමුව ලකුණු රැස්කිරීමට තීරණය කළේය.

පාකිස්තානය  ඕවර 20 කදී කඩුලූ 5 ට 190 (අහ්මඞ් ශෙෂාඞ් නොදැවී 111, ෂොයිබ් මලික් 26, සහිඞ් අෆ්රිඩි 22, අබ්දුර් රසාක් 20/2)

බංග්ලාදේශය  ඕවර 20 කදී කඩුලූ 7 ට 140 (තමීම් ඉක්බාල් 16, එනමුල් හක් 18, ශකීබ් අල් හසන් 38, නසීර් හොසේන් 23, මහුමුදුල්ලා නොදැවී 17, මෂ්රාෆි මොර්ටාෂා නොදැවී 17, උමාර් ගුල් 30/3, සයිඞ් අජ්මාල් 20/2)


- 048

 


අදහස් (0)

පාකිස්තානය ලකුණු 50 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.