Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තාන පිල පළමු ටෙස්ට් තරගයෙන් ජය ලබයි

පාකිස්තාන පිල පළමු ටෙස්ට් තරගයෙන් ජය ලබයි

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියා පිලට එරෙහිව ඩුබායි අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 221 ක ජය ලැබීමට පාකිස්තාන පිල ඊයේ (26 වැනිදා) සමත්විය.

පාකිස්තාන පිල වෙනුවෙන් ඉනිම් දෙකේදීම ශතක (106 සහ නොදැවී 103) රැස්කළ යුනිස් ඛාන් තරගයේ වීරයා බවට පත්විය.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 438 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන්  ඕස්ටේ‍්‍රලියා පිලට අවසන් දිනයේ තේ විරාමය නිමාවී  ඕවර 7 ක් ගෙවී යන විට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 216 ක් පමණි.

එහිදී ස්ටීවන් ස්මිත් (55) සහ මිචෙල් ජොන්සන් (61)  ඕස්ටේ‍්‍රලියා පිල වෙනුවෙන් අර්ධ ශතක රැස්කිරීමට සමත් වුවත්, සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.

ඕස්ටේ‍්‍රලියා දෙවැනි ඉනිමේදී බිඳවැටුණ කඩුලූ 10 න් 9 කටම හිමිකම් කීමට සමත් වූ පාකිස්ථාන පිලේ දඟ පන්දු යවන්නන් යුගළය ශුල්ෆිකර් බාබර් (74/5) සහ යසර් ශා (50/4) තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා කඳවාගෙන ගියහ.

ලකුණු 151 ක ඉදිරියක් ලබාගනිමින් දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තාන පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 286 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා  ඕස්ටේ‍්‍රලියා පිලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.

එහිදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ආරම්භක පිතිකරු අහමඞ් ශෙහෙසාද් (131) සහ යුනිස් ඛාන් (නොදැවී 103), ලකුණු 168 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

අහමඞ් ශෙහෙසාද්ගේ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් වූ අතර යුනිස් ඛාන්ගේ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

ඕස්ටේ‍්‍රලියා පිල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 303 ක් ලබාගත් අතර එහිදී හුදෙකළා ඉනිමක් කී‍්‍රඩා කළ ඬේවිඞ් වෝනර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 133 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 454 ක් ලබාගත්තේය. පාකිස්තාන පිල වෙනුවෙන් යුනිස් ඛාන් (106) සහ කඩුලූ රකින කී‍්‍රඩක සෆ්රාස් අහමඞ් (109) එහිදී ශතක රැස්කිරීමට සමත්වූහ.

පාකිස්තාන පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 454
(අසාර් අලී 53, යුනිස් ඛාන් 106, මිස්බා උල් හක් 69, අසාද් ශෆීක් 89, සෆ්රාස් අහමඞ් 109, මිචෙල් ජොන්සන් 39/3, ස්්ටීව්  ඕ‘කේෆ් 107/2, නාතන් ලයන් 148/2)

ඕස්ටේ‍්‍රලියා පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 303
(කි‍්‍රස් රොජර්ස් 38, ඬේවිඞ් වෝනර් 133, ස්ටීවන් ස්මිත් 22, මිචෙල් මාර්ෂ් 27, බ‍්‍රැඞ් හැඩින් 22, මිචෙල් ජොන්සන් 37, යසර් ශා 66/3, රාහට් අලී 55/2, ශුල්ෆිකර් බාබර් 81/2)

පාකිස්තාන පිල දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 286
(අහමඞ් ශෙහෙසද් 131, අසාර් අලී 30, යුනිස් ඛාන් 103, ස්්ටීව්  ඕ‘කේෆ් 112/2)

ඕස්ටේ‍්‍රලියා පිල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 216
(කි‍්‍රස් රොජර්ස් 43, ඬේවිඞ් වෝනර් 29, ස්ටීවන් ස්මිත් 55, මිචෙල් ජොන්සන් 61, ශුල්ෆිකර් බාබර් 74/5, යසර් ශා 50/4)

036


අදහස් (0)

පාකිස්තාන පිල පළමු ටෙස්ට් තරගයෙන් ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.