Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය (1 වැනිදා) වූ අද තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 61 ක් ලබා සිටියේය.
තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි අසාර් අලී නොදැවී ලකුණු 21 ක්ද, යුනිස් ඛාන් නොදැවී ලකුණු 16 ක්ද ලබා කඩුල්ලේ රැදීසිටියහ.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රයානු පිලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 261 ක් පමණි. ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මිචෙල් මාෂ් හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 81 ක් රැස්කිරීමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමු වෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 570 ක් ලබාගත්තේය.
එහිදී යුනිස් ඛාන් (213) සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 6 වැනි ද්විත්ව ශතකය රැුස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමගිනි. අසාර් අලී (109) සහ මිස්බා උල් හක් (101) ශතක රැස්කරමින් තම කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා යුනිස් ඛාන්ට මනා සහයක් දුන්හ.
පාකිස්තානය - පළමු ඉනිම කඩුලූ 6 ක් දැවී 570
(අහමඞ් ශෙෂාඞ් 35, මොහොමඞ් හෆීස් 45, අසාර් අලි 109, යුනිස් ඛාන් 213, මිස්බා උල් හක් 101, අසාඞ් ශෆීක් 21, සෆ්රාස් අහමඞ් නොදැවී 19, මිචෙල් ස්ටාක් 86/2)
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම සියලූ දෙනා දැවී 261
(ඬේවිඞ් වෝනර් 19, නාදන් ලයන් 15, ග්ලේන් මැක්ස්වෙල් 37, මයිකල් ක්ලාර්ක් 47, මිචෙල් මාෂ් 81, පීටර් සීඞ්ල් 28, රාහට් අලී 30/2, යසර් ශා 47/2, ඉම්රාන් ඛාන් 60/3, ශූල්ෆිකර් බාබර් 94/2)
පාකිස්තානය - දෙවැනි ඉනිම කඩුලූ 2 ක් දැවී 61
(අසාර් අලී නොදැවී 21, යුනිස් ඛාන් නොදැවී 16)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.