Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ලකුණු 356 ක දැවැන්ත ජයක් වාර්තා කළ පාකිස්තාන පිල, දෙරට අතර පැවැති තරග 2 කින් සමන්විත වූ ටෙසට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට සමත්විය.
ලෝක වාර්තා 2 ක් පිහිටුවමින් ඉනිම් දෙකේදීම ශතක රැුස්කළ පාකිස්තාන පිලේ නායක මිස්බා උල් හක්, තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර ඉනිම් 4 කදී ලකුණු 468 ක් රැස්කළ යුනිස් ඛාන් තරගාවලියේ වීරයා බවට පත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 603 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ‍්‍රලියානු පිලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 246 ක් පමණි.
එහිදී ස්ටීවන් ස්මිත් (97) සහ මිචෙල් මාෂ් (47) එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සම්බන්ධාතවක් ගොඩනගමින් තම කණ්ඩායම පරාජයෙන් බේරාගැනීමේ සටනක නිතරත වුවද, පාකිස්තාන දඟ පන්දු යවන්නන්ගේ පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ එම උත්සාහය අසාර්ථක විය.
දක්ෂ පන්දුයැවීමන නිරත වූ ශූල්ෆිකර් බාබර් ලකුණු 120 කට කඩුලූ 5 ක් දවාගනිමින් ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ අතර ලකුණු 44 කට කඩුලූ 3 ක් දවාගත් යසර් ශා, ඕස්ටේ‍්‍රලියානු ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට මනා සහයක් දුන්නේය.
දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල, කඩුලූ 3 ක් දැවී ලකුණු 293 ක් ලබා සිටියදී ඉනිම අත්හිඅටුවා ඕස්ටේ‍්‍රලියානු පිලට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය.
පාකිස්තාන පිල වෙනුවෙන් පළමු ඉනිමේදී ශතක රැස්කළ පිතිකරුවන් වූ අසාර් අලී (නොදැවී 100* සහ නායක මිස්බා උල් හක් (නොදැවී 101), දෙවැනි ඉනිමේදීද ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
ඊයේ දිනයේදී ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය (පන්දු 57 කදී) වාර්තා කළ මිස්බා උල් හක්, ඊට හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් අන්තර්ගත කළේය.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රයානු පිලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 261 ක් පමණි. ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මිචෙල් මාෂ් හයේ පහරක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 81 ක් රැුස්කිරීමට සමත්විය.
කාසියේ වාසිය දිනා පළමු වෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 570 ක් ලබාගත්තේය.
එහිදී යුනිස් ඛාන් (213) සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 6 වැනි ද්විත්ව ශතකය රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 15 ක් සමගිනි. අසාර් අලී (109) සහ මිස්බා උල් හක් (101) ශතක රැස්කරමින් තම කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා යුනිස් ඛාන්ට මනා සහයක් දුන්හ.
පාකිස්තානය - පළමු ඉනිම කඩුලූ 6 ක් දැවී 570
(අහමඞ් ශෙෂාඞ් 35, මොහොමඞ් හෆීස් 45, අසාර් අලි 109, යුනිස් ඛාන් 213, මිස්බා උල් හක් 101, අසාඞ් ශෆීක් 21, සෆ්රාස් අහමඞ් නොදැවී 19, මිචෙල් ස්ටාක් 86/2)
ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම සියලූ දෙනා දැවී 261
(ඬේවිඞ් වෝනර් 19, නාදන් ලයන් 15, ග්ලේන් මැක්ස්වෙල් 37, මයිකල් ක්ලාර්ක් 47, මිචෙල් මාෂ් 81, පීටර් සීඞ්ල් 28, රාහට් අලී 30/2, යසර් ශා 47/2, ඉම්රාන් ඛාන් 60/3, ශූල්ෆිකර් බාබර් 94/2)
පාකිස්තානය - දෙවැනි ඉනිම කඩුලූ 3 ක් දැවී 293
(අසාර් අලී නොදැවී 100, යුනිස් ඛාන් 46, මිස්බා උල් හක් 101, මිචෙල් ජොන්සන් 45/2)
ඕස්ටේ‍්‍රලියාව - දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 246
(ඬේවිඞ් වෝනර් 58, ස්ටීවන් ස්මිත් 97, මිචෙල් මාෂ් 47, ශූල්ෆිකර් බාබර් 120/5, යසර් ශා 44/3, මොහොමඞ් හෆීස් 38/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.