Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 29 වැනි තරගය ලෙස පාකිස්තානය සහ දකුණු අපි‍්‍රකාව අතර අද (7 වැනිදා) ඕක්ලන්ඞ්හිදී පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 29 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත් විය.
වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ එක් ඉනිමක් ඕවර 47 කට සීමා වූ අතර ජයග‍්‍රහණය සඳහා ලකුණු 232 ක ඉලක්කයක් හඹාගිය දකුණු අපි‍්‍රකාවට ඕවර 33.3 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණි.
එහිදී වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ දකුණු අපි‍්‍රකානු පිලේ නායක ඒ. බී. ඩිවිලියස් පන්දු 58 කදී ලකුණු 77 ක් රැස්කළේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි.
මොහොමඞ් ඉර්ෆාන්, රාහට් අලි සහ වහබ් රියාස් කඩුලූ 3 බැගින් දවාගනිමින් දකුණු අපි‍්‍රකානු පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමූහ.
කාසියේ වාසිය දිනූ දකුණු අපි‍්‍රකානු පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 46.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 222 ක් ලබාගත්තේය.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මිස්බා උල් හක්, පන්දු 86 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 56 ක් රැස්කළේය.
ලකුණු 49 ක් රැස්කරමින් සහ උඩ පන්දු 6 ක් රැකගනිමින් දස්කම් දැක්වූ පාකිස්තාන පිලේ කඩුලූ රකින කී‍්‍රඩක සෆ්රාස් අහමඞ් තරගයේ වීරයා බවට පත්විය.
පාකිස්තානය - ඕවර 46.4 කදී සියලූ දෙනා දැවී 222
(සෆ්රාස් අහමඞ් 49, අහමඞ් ශේසාඞ් 18, යුනිස් ඛාන් 37, මිස්බා උල් හක් 56, උමාර් අක්මාල් 13, සහීඞ් අෆ්රිඩි 22, ඬේල් ස්ටේන් 30/3, මෝනි මෝකල් 25/2, කයිල් ඇබොට් 45/2)
දකුණු අපි‍්‍රකාව - ඕවර 33.3 කදී සියලූ දෙනා දැවී 202
(හෂීම් අම්ලා 38, ෆෆ් ඩුප්ලෙසී 27, ඒ. බී. ඩිවිලියස් 77, ඬේල් ස්ටේන් 16, රාහට් අලි 40/3, වහබ් රියාස් 45/3, මොහොමඞ් ඉර්ෆාන් 52/3)
-036
ඡායාරූප - ඒ.එෆ්. පී අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.