Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානය 2-0 ක් ලෙස පෙරමුණ ගනී

පාකිස්තානය 2-0 ක් ලෙස පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්තාන පිල අතර ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලූ 6 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන පිල ඊයේ (29 වැනිදා) සමත් විය.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද පාකිස්තාන පිල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පිල පන්දු 16 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ ආරම්භක පිතිකරු අසාර් අලී පන්දු 104 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 102 ක් රැස්කරමින් පාකිස්තාන පිලේ ජයග‍්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 60 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ හැරිස් සොහේල් (නොදැවී 52) සහ ශොයිබ් මලික් (නොදැවී 36) පාකිස්තාන පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

පන්දු 49 කදී වාර්තා වූ සොහේල්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් වූ අතර පන්දු 2-0 කදී වාර්තා වූ මලික්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල  ඕවර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 268 ක් රැස්කළේය.

අගනා පිතිහරඹයක නිරත වූ සිකන්දර් රාසා, අද දිනයේදී සිය  දෙවැනි එක්දින ශතකය (නොදැවී 100) ලබාගත්තේ පන්දු 84 කිනි. ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

පන්දු 100 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 99 ක් රැස්කළ ආරම්භක පිතිකරු චමූ චිබාබා සිම්බාබ්වේ පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.

වහබ් රියාස් සහ යසීර් ෂා කඩුලූ 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.  
කාසියේ වාසිය දිනූ පාකිස්තාන පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සිම්බාබ්වේ පිලට ආරාධනා කර සිටියේය.

මෙම තරගයට සිම්බාබ්වේ පිලේ නිත්‍ය නායක එල්ටන් චිගම්බූරා කී‍්‍රඩා නොකළ කණ්ඩායමේ නායකයා ලෙස හැමිල්ටන් මසකඞ්සා කටයුතු කළේය.

තරගාවලියේ තෙවැනි සහ අවසන් එක්දින තරගය හෙට (31 වැනිදා) ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.


සිම්බාබ්වේ පිල -  ඕවර 50 කදී කඩුලූ 7 කට 268
(චමූ චිබාබා 99, හැමිල්ටන් මසකඞ්සා 18, සිකන්දර් රාසා නොදැවී 100, යසීර් ෂා 40/2, වහබ් රියාස් 55/2)

පාකිස්තාන පිල -  ඕවර 47.2 කදී කඩුලූ 4 කට 269
(අසාර් අලී 102, සෆ්රාස් අහමඞ් 22, මෙහොමඞ් හෆීස් 15, අසාද් ෂෆීක් 39, හැරිස් සොහේල් නොදැවී 52, ශොයිබ් මලික් නොදැවී 36, ගේ‍්‍රම් කී‍්‍රමර් 52/2)


- 036


අදහස් (0)

පාකිස්තානය 2-0 ක් ලෙස පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.