Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබීහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙවැනි දිනයට අද (29 වැනිදා) නතර කරනවිට පන්දුවට පහරදෙමින් සිටින පාකිස්තානය කිසිවකු නොදැවි ලකුණු 64 ක් රැස්කරගත් අතර කඩුලු 10 ත් අතැතිව ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 355 පසුපසින් ඔවුන් සිටිති. පන්දුවට පහරදෙමින් සිටින ශාන් මසූඞ් ලකුණු 30 ක් සහ සාමී අස්ලම් ලකුණු 31 රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
දඟපන්දු යවන්නන් වේලාසනින්ම පන්දුයැවීම සදහා යොදාගැනීමට දිනේෂ් චන්දිමාල් කටයුතු කළද ඉන් නිසි ඵල නෙලාගැනීමට දඟපන්දු යවන්නන් හට අවස්ථාවක් උදානොවීය.
විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් දිනේෂ් චන්දිමාල් නොදැවී ලබාගත් ලකුණු 155 හේතුවෙන් ශ්‍රී ලංකාව පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 419 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 372 කට මුහුණදුන් චන්දිමාල්ගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත් විය.
ලකුණු 154 ක් රැස්කර සිටියදී මොහොමඞ් අබ්බාස් එවූ පන්දුවකට වැරෙන් පහරක් එල්ල කිරීමට චන්දිමාල් උත්සහ දැරුවද පිත්තේ නොවැදුණු පන්දුව කඩුල්ල සොයා පැමිණියේය. එහෙත් පුදුමයකට මෙන් එය නිපන්දුවක් බව ප්‍රධාන විනිසුරුවරයා විසින් සංඥා කිරීම නිසා තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව චන්දිමාල්ට හිමිවිය.
ලකුණු 150 රැස්කිරීම සදහා චන්දිමාල්ට පන්දු 356 ක් වැයවූ අතර මව්බිමෙන් පිටතදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව අද පාකිස්තානයට එරෙහිව ලබාගත් අතර ඉන්දියාවට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 162 ඔහු ටෙස්ට් තරගයකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේය.
දිනේෂ් චන්දිමාල් සිය නවවැනි ටෙස්ට් ශතකය පන්දු 273 කදී හතරේ පහර 11 ක් සමගින් ලබාගත් අතර ඒ සදහා මිනිත්තු 380 ක පමණ කාළයක් වැයවිය. චන්දිමාල් අද ලබාගත් ශතකය ඇතුළුව අවසන් වරට ලබාගත් ශතක තුනම ලබාගෙන ඇත්තේ මුල් පෙළ පිතිකරුවන් ඉක්මනින්ම දැවී ගිය අවස්ථාවන් හිදීය. මෙම තරගයේදී ලකුණු 61 කට කඩුලු 3 ක්ද, බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 24 කට කඩුලු 2 ක් සහ ඕස්ටේ්‍රලියාවට එරෙහි තරගයේදී ලකුණු 24 කට කඩුලු 4 ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අසීරූ තාවයකට පත්වී ඇති අවස්ථාවන්හිදී චන්දිමාල් විසින් ශතකයක් ලබාගැනීම කැපී පෙනුණි.
දිනේෂ් චන්දිමාල් සමගින් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 134 ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටි නිරෝෂන් දික්වැල්ල ලකුණු 83 ක් ලබාසිටියදී හසන් අලීගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. පන්දු 117 කට මුහුණදුන් දික්වැල්ලගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර නවයක් ඇතුළත් විය. සිය හයවැනි ටෙස්ට් අර්ධ ශතකය පන්දු 67 කදි ලබාගැනීමට දික්වැල්ල සමත්විය.
දිවා ආහාරයට සුළු මොහොතකට පෙර හැරිස් සොහෙල් යැවූ පන්දුවකට ඩිල්රුවන් පෙරේරා කඩුල්ල මුවා කළේ යැයි ඉල්ලිමක් කළ අතර ප්‍රධාන විනිසුරුවරයා විසින් එය දැවීයාමක් ලෙස ප්‍රකාශ කළද එයින් සෑහිමකට පත්නොවූ අනෙක් අන්තයේ සිටි නායක චන්දිමාල් විතිව් අවස්ථාවට යන ලෙස ඩිල්රුවන්ට දැන්වීය. පිත්ත හැරීමත් සමගින් පසුපස දාරයේ පන්දුව වැදීයන ආකාරයක් පුනරූපණ නැරඹීමේදී පෙනී ගිය බැවින් තෙවැනි විනිසුරු විසින් ඩිල්රුවන් පෙරේරා නොදැවී ගිය ක්‍රීඩකයකු ලෙස දැන්විමත් සමගින් ඔහුට තවදුරටත් කඩුල්ලේ රැඳී සිටීමේ වාසනාව උදාවිය. ශ්‍රී ලංකාව විසින් මෙම ඉනිමේදී විනිසුරුගේ තීරණය පිළිබඳව සැහීමක පත්නොවී ලබාගත් විතිව් අවස්ථාවන් තුනක් සාර්ථක කරගැනීමට සමත්විය.
සිවුවැනි වරටද විතිව් අවස්ථාව ලබාගත්තද එවර ප්‍රධාන විනිසුරුගේ තීරණය නිවැරදි බවට තෙවැනි විනිසුරුද ප්‍රකාශ කිරීමත් සමගින් ලකුණු 33 ක් ලබාසිටි ඩිල්රුවන්ගේ ඉනිම අවසන්විය. හරිස් සොහෙල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඩිල්රුවන් පෙරේරා දැවීයන විටදී පන්දු 117 කට මුහුණදී හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්විය.
දිනේෂ් චන්දිමාල් මෙම ඉනිමේදී පැවැත්වූ තෙවැනි ශතක සම්බන්ධතාවයට (92) තවත් ලකුණු අටක් තිබියදී ඩිල්රුවන් පෙරේරා දැවී යාම නිසා එම සම්බන්ධතාවය තිත තැබුණි.
උඩපන්දුවක් රැකගත්තේ යැයි යසීර් ෂා විසින් කළ ඉල්ලීමක් ප්‍රධාන විනිසුරුවරයා විසින් පිළිගැනීමත් සමගින් ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් විතිව් අවස්ථාව රංගන හේරත් විසින් ලබාගත්තේය. පුනරූපණ නැරඹීමෙන් අනතුරුව පන්දුව පිත්තේ ඉහළ දාරයේ වදින බවට තෙවැනි විනිසුරුවරයා නිගමනය කිරීමත් සමගින් රංගන් හේරත්ගේ ඉනිම ලකුණු 4 කට අවසන්වූ අතර ශ්‍රී ලංකාව සතුව තිබූ අවසන් විතිව් අවස්ථාවද අහිමිවී ගියේය.
දෙවැනි දිනයේ දිවා ආහාරය තෙක් කාළය තුළ කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 95 ක් ලබාගත් ශ්‍රී ලංකාව දිවා ආහාරයත් තේ පානයත් අතර කාළය තුල කඩුලු 2 ක් අහිමිකර ගනිමින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 81 ක් පමණි. තේ පානයෙන් පසුව ලකුණු 16 කට කඩුලු 3 ක් අහිමිවි ගියේය.
යසීර් ෂා ලකුණු 120 කට කඩුලු 3 ක් දවාගත් අතර මොහොමඞ් අබ්බාස්ද ලකුණු 75 කට කඩුලු 3 ක් දවාගත්තේය. පිට පිට පන්දු දෙකකදී අවසන් කඩුලු දෙක ලබාගත් මොහොමඞ් අබ්බාස්ට දෙවැනි ඉනිමේ යවන පළමු පන්දුවෙන් කඩුල්ලක් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීමට අවස්ථාව ඇත.
ශ්‍රී ලංකා - පාකිස්තානු පළමු ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.