Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (7 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 51 ක් ලබා ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 431 ක් පසුපසින් සිටියේය.
කඩුලු ආරක්ෂා කර ගැනීමේ අරමුණ පෙරදැරිව ඉතා සංයමයකින් යුතුව පන්දුවට පහරදුන් ශාන් මසූද් නොදැවී ලකුණු 15 ක්ද, සාමි අස්ලම් නොදැවී ලකුණු 30 ක්ද ලබා දිනය නිමා වන විට කඩුල්ලේ රැදී සිටියහ.
වෙහෙස නිසා ලබාගත යුතුව තිබූ අගනා ද්විත්ව ශතකයක් අහිමි කරගත් නමුත් දිමුත් කරුණාරත්නගේ අති විශිෂ්ට පිතිහරඹයත් මැද පෙළ පිතිකරුවන්ගේ මනා දායකත්වයත් හේතුවෙන් සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 482 ක් රැස්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අද රාත්‍රී ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 7 ක් දැවී ලකුණු 461 ක් ලබාසිටි ශ්‍රී ලංකා කණ්ඩායමට රාත්‍රී ආහාරයෙන් අනතුරුව යසීර් ෂා ප්‍රමුඛ පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ රැස්කරගත හැකි වූයේ තවත් ලකුණු 21 ක් පමණි.
දිනේෂ් චන්දිමාල් (62), නිරෝෂන් දික්වැල්ල (52) සහ ඩිල්රුවන් පෙරේරා (58) යන තිදෙනාම අර්ධ ශතක ලබාගැනීමට සමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවෝ පහසුවෙන්ම ලකුණු 450 සීමාව පසුකර ගියහ.
ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුව වන්නේ මෙම තරගයේදී නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාවෙන් මිදීමයි.
ඒ සඳහා මුල් ඉනිමේදී හැකි තරම් විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වී තිබේ. ඕවර 147 ක් යවමින් මේ වන විටත් දැඩි වෙහෙසට පත්ව සිටින පාකිස්තානු පන්දු යවන්නන් හමුවේ තව තවත් ලකුණු ලබාගනිමින් පාකිස්තානුවන් පිට පිටම දෙවැනි වර පන්දුවට පහර දීමේ අවස්ථාවට තල්ලු කිරීම ශ්‍රී ලංකා පිලේ අපේක්‍ෂාව වෙයි.
පළමු ටෙස්ට් තරගයේදී ලද ජයග්‍රහණයෙන් ඔද වැඩී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී පිටියට පිවිස ඇත්තේ වෙනස්ම විලාසයකිනි. පළමු ටෙස්ට් තරගයට වඩා වේගවත් ලකුණු රැස්කිරීමක යෙදෙන දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට ආවේණිකවූ ක්‍රිකට් ක්‍රීඩාව සොයා යමින් සිටිති. ඒ අනුව අද දිනය ආරම්භයේ සිට මෙතෙක් තරගය පැවැති කාලසීමා දෙකේදී ලකුණු 207 ක් ලබාගැනීමට ඔව්හු සමත් වූහ.
ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ දිමුත් කරුණාරත්න පැය 9 කට වැඩි කාලයක් පුරා කඩුල්ලේ රැඳෙමින් සිය හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළේය. ඉතා වෙහෙසකර මෙන්ම දිගු ඉනිමකට පසුව, කරුණාරත්න මුහුණ දුන් 405 වැනි පන්දුව පිත්තේ ඇතුළත දාරයේ වැදී, උදරයේත් වැදීමෙන් පසුව කඩුල්ලට කඩා වැදුණේ අගනා ද්විත්ව ශතකයක් ශ්‍රී ලංකා පිතිකරුවාට අහිමි කරමිනි.
චිත්තාකර්ශනීය හතරේ පහර 19 කින් සහ යසීර් ෂා හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරකින් සිය ඉනිම අලංකාර කළ වමත් ආරම්භක පිතිකරුවා ටෙස්ට් ඉනිමකදී ලකුණු 150 ඉක්මවා ගිය තුන්වැනි අවස්ථාව මෙයයි. මීට පෙර ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම ලෙසින් සටහන් වූයේ 2015 දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලබාගත් ලකුණු 186 යි. ගෙවී ගිය මාස 12ක කාලයේදී ඉතාමත් සාර්ථක ටෙස්ට් පිතිකරුවකු වූ දිමුත් කරුණාරත්න එම කාලය තුළ ලබාගත් ලකුණු වාර්තාව සටහන් වන්නේ ඉනිම - 25යි, ලකුණු - 1261යි, සාමාන්‍යය - 50.44යි, ශතක - 4යි, අර්ධ ශතක 5යි වශයෙනි.
දිනේෂ් චන්දිමාල් දිනය ආරම්භ කළේම කිසියම් අරමුණක් ඇතිවය. වහබ් රියාස් විසින් එවන ලද පන්දුව ෆයින් ලෙග් කලාපයෙන් හතරේ සීමාවට යැවූ චන්දිමාල් සිය අර්ධ ශතකය කරා අවතීර්ණ වූයේ දිමුත් කරුණාරත්නටත් කිසියම් පණිවුඩයක් දෙමිනි.
යසීර් ෂා පන්දුව ඉතාමත් තියුණු ලෙසින් පන්දුව දඟ කැවූ නමුත් කරුණාරත්නගේ හෝ චන්දිමාල්ගේ කඩුල්ල සොයාගත නොහැකිව ඕවර 30 කට වැඩි සංඛ්‍යාවක් යවමින් මහත්සේ වෙහෙසී සිටියේය. අවසානයේදී චන්දිමාල්ගේ කඩුල්ල ඔහුට හිමිවූයේ කඩුල්ලේ නොවටිනා පන්දුවකිනි. යසීර් ෂාගේ පන්දුව පා ආවරණයේ වැදීමත් සමගින් විනිසුරු නයිජල් ලොන්ග් මහතාගේ ඇඟිල්ල ඉහළ ගිය හෙයින් කිසිවක් නොවිමසාම චන්දිමාල් ක්‍රීඩාගාරයට ගියේය. එහෙත් ‘හෝක් අයි’ තාක්‍ෂණයෙන් තහවුරු වූයේ යසීර් ෂා ගේ පන්දුව කඩුල්ලේ නොවදින බවයි.
එහෙත් පසුව පැමිණි නිරෝෂන් දික්වැල්ල සහ ඩිල්රුවන් පෙරේරා පාකිස්තානු පන්දු යවන්නන්ට සිත්සේ පහර දෙමින් ලකුණු 110 ක් කණ්ඩායමට එකතු කළහ.
ශ්‍රී ලංකා - පාකිස්තානු දෙවැනි ටෙස්ට් තරගයේ විශේෂ අවස්ථා...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.