Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සාජාහිදී අද (22 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවා ලකුණු 113 ක පහසු ජයක් අත්කරගත් පාකිස්තානුවෝ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී 2-1 ක් ලෙසින් නැවතත් පෙරමුණ ගත්හ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් සොයා ඇදුණු ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඕවර 44.4 ක් අවසානයේදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 213 ක් පමණි.
අසීරු ඉලක්කයක් කරා යාමේ පීඩනයට හසුවූ ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් දෙදෙනකු ඕවර 4 ක් යාමටත් මත්තෙන් පිටියෙන් ඉවත් කරමින් ආරම්භයේදීම ශී‍්‍ර ලංකා පිල පසුපාදයට ඇද දැමීමට වේග පන්දු යවන කී‍්‍රඩක උමාර් ගුල් සමත් විය.
මාස 9 කට පසුව එක්දින අන්තර්ජාතික තරග බිමට පිවිසි උමාර් ගුල් විසින් කුසල් ජනිත් සහ දිමුත් කරුණාරත්න දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමත් සමගම වැටුණු අසීරු තත්ත්වයෙන් ගොඩඒමට ඉනිම පුරාම ශී‍්‍ර ලංකා පිලට නොහැකි විය. ශී‍්‍ර ලංකා පිලේ අවසන් කඩුල්ල දවාගැනීමේදීත් පාකිස්තානු පන්දු යවන්නන් තරමක අසීරුතාවකට මුහුණ දුන් නමුත් එවරද උමාර් ගුල් පාකිස්තානුවන්ගේ පිහිටට ආවේය.
පන්දු 62 කට මුහුණ දුන් තිලකරත්න ඩිල්ෂාන් හතරේ පහර 10 ක් සහිතව ලකුණු 59 ක් ලබාගත් නමුත් කිසිදු ඉදිරි පෙළ පිතිකරුවකුගෙන් ඩිල්ෂාන්ට සහයෝගයක් නොලැබිණ. පසුව ඇන්ජලෝ මැතිව්ස් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 44 ක් ලබාගත් නමුත් ඔහුටද සහායක පිතිකරුවන් නොමැති වීමෙන් පරාජය පිළිගැනීම හැර වෙනත් විකල්පයක් ශී‍්‍ර ලංකා පිලට ඉතිරි නොවීය.
ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය දිනාගත් නමුත් රාති‍්‍රයේ ඇතිවිය හැකි පින්න සහ තවත් කරුණා සලකා බලමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තාන පිල වෙත පැවරීය.
එහෙත් මොහොමඞ් හෆීස් ලකුණු 26 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව ලසිත් මාලිංග විසින් බිම දැමීමත් සමගම එහි වාසිය උපරිම ආකාරයෙන් යොදාගත් පාකිස්තානු අංක 3 පිතිකරුවා නොදැවී ලකුණු 140 ක් ලබාගනිමින් ඕවර 50 ක් අවසානයේදී ලකුණු 326 ක් කරා පාකිස්තානය කැඳවාගෙන ගියේය.
තරගයේ තුන්වැනි ඕවරයේදීම පාකිස්තානු ආරම්භක පිතිකරු සර්ජිල් ඛාන් ලකුණු 2 කට දැවීගිය අතර මන්දගාමී ආරම්භයක් ලබාගත් පාකිස්තානු පිලට පළමු ඕවර 15 නිමා වන විට රැස්කරගත හැකිවූයේ කඩුල්ලක් දැවී ලකුණු 62 ක් පමණි.
එහෙත් ක‍්‍රම ක‍්‍රමයෙන් ලකුණු වේගය වැඩිකරගත් අහමඞ් ශෙෂාඞ් (81) සහ මොහොමඞ් හෆීස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 160 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තානු පිල ඉදිරියට තල්ලූ කළහ.
පන්දු 89 කට මුහුණ දෙමින් ලකුණු 81 ක් ලබාගත් අහමඞ් ෂෙශාඞ් දුවද්දී දැවී ගිය නමුත් ඒ වන විට පාකිස්තානු පිල විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ මාර්ගයට අවතීර්ණව සිටියේය.
සෙසු මැද පෙළ පිතිකරුවන් සමගින් එක්ව, පන්දු යවන්නන්ට කිසිදු සහයෝගයක් නොමැති සාජා කී‍්‍රඩාංගණයේදී පාකිස්තානු පිල ලකුණු 325 සීමාවෙන් එපිටට තල්ලූකරගෙන ගිය මොහොමඞ් හෆීස් පන්දු 136 කට මුහුණ දෙමින් සිය එක්දින තරග දිවියේ හොඳම ඉනිම කී‍්‍රඩා කළේ හතරේ පහර 11 කින් සහ හයේ පහරකින්ද එය සරසමිනි.
හෆීස් අද ලබාගත්තේ මෙම තරගාවලියේදී තමන් ලබාගත් දෙවැනි ශතකයයි. පළමු තරගයේදී ඔහු ලකුණු 122 ක් ලබාගනිමින් පාකිස්තානය ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.