Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (25) පැවැති සිවුවැනි තරගයෙන් පාකිස්තානු පිල කඩුලූ 8 ක පහසු ජයක් ලැබීය.
මෙම ජයග‍්‍රහණයත් සමග පාකිස්තානය 3-1 ක් ලෙස පෙරමුණට පැමිණෙමින් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලියේ ජයද හිමිකර ගත්තේය. පාකිස්තානු පිතිකරුවෝ ලකුණු 226 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 41.1 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළහ.
මොහොමඞ් හෆීෂ් මෙම තරගාවලියේ තෙවැනි ශතකය වාර්තා කිරීම මෙහිදී කැපී පෙනුණි. හෆීෂ් පන්දු 119 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 113 ක් රැස්කිරීමට සමත් විය. හෆීෂ් පළමු තරගයේදී ලකුණු 122 ක් සහ තෙවැනි තරගයේදී නොදැවී ලකුණු 140 ක් රැස් කළේය.
ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු බුරුලක් නොදුන් මොහොමඞ් හෆීෂ් සහ සොයිබ් මක්ෂූඞ් (නොදැවී 46) තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක නොබිදුණු සම්බන්ධතාක් පවත්වමින් ඕවර 8.5 ක් ඉතිරි කරමින් තරගය අවසන් කිරීමට සමත් වූහ.
මොහොමඞ් හෆීෂ් සහ අහ්මඞ් ශෙෂාඞ් දෙවැනි කඩුල්ල ස`දහා ලකුණු 84 ක සම්බන්ධතාවක් පැවැත්වමින් ජයග‍්‍රහණය පහසු කළහ.
මෙම තරගයේදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පළමු එක්දින තරගයට ක‍්‍රීඩා කළ අෂාන් ප‍්‍රියන්ජන් පළපුරුදු ක‍්‍රීඩකයකු ලෙස පිත්ත හසුරුවමින් පන්දු 93 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 74 ක් ලබා සිටියදී දැවී ගියේය. අෂාන් පළමු එක්දින තරගයේදී අර්ධ ශතකයක් රැුස්කළ ශ‍්‍රී ලංකාවේ තෙවැනි ක‍්‍රීඩකයා බවට ද පත්විය.
අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි අෂාන් ප‍්‍රියන්ජන්, ඩිල්ස් කූප් පහරකට සමාන පහරක් ගැසීමට ගොස් කඩුල්ල පූජා කළේය.
ඇන්ජලෝ මැතිව්ස් පන්දු 46 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 38 ක් ලබා සිටියදී හත්වැනි කඩුල්ල ලෙස 45 වැනි ඕවරයේ පළමු පන්දුවේදී දැවී ගියේය.
සයිඞ් අජ්මාල් යැවූ එම ඕවරයේ දෙවැනි පන්දුවට සචිත‍්‍ර සේනානායක (0) දැවී යෑමෙන් ලකුණු 210 කට කඩුලූ 8 ක් බවට පත්වෙමින් පාකිස්තානය නැවතත් ඉදිරියට පැමිණියේය.
කිත්රුවන් විතානගේ පන්දු 26 හතරේ පහර 4 ක් සමගින් ලකුණු 27 ක් රැුස් කළේය. කුමාර් සංගක්කාර සහ අෂාන් ප‍්‍රියංජන් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක අගනා සම්බන්ධතාවක් පවත්වමින් ශ‍්‍රී ලංකා පිල ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
කුමාර් සංගක්කාර පන්දු 78 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 51 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය.
ලකුණු 36 කට කඩුලූ තුනක් දැවී සසළ වූ ශ‍්‍රී ලංකා පිලට නව ජීවයක් ලබා දෙමින් අෂාන් ප‍්‍රියන්ජන්, කිසිදු චකිතයකින් තොරව උමාර් ගුල් යැවූ ඉනිමේ 10 වැනි ඕවරයට අලංකාර හතරේ පහර තුනක් එකතු කරමින් මුඵ ලකුණු සංඛ්‍යාව 50 ක් බවට පත්කිරීම ඉනිම වෙනස් වීමට හේතු විය.
උමාර් ගුල් යැවූ ඉනිමේ අටවැනි ඕවයේ දෙවැනි පන්දුවේදී නායක මිස්බා උල් හක් පොයින්ට් ස්ථානයේ රැකගත් විශිෂ්ට උඩ පන්දුව හමුවේ දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ලකුණු 5 කට සීමාවිය.
ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවකු වන තිලකරත්න ඩිල්ෂාන්, උමාර් ගුල්ගේ පන්දුවක් නිදැල්ලේ යැවීමට සැලැස්සුව ද පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
ශ‍්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් ලකුණු 8 ක් ලබා සිටියදී උමාර් ගුල්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
මෙම තරගයේදී ශ‍්‍රී ලංකා පිලට කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන් සහ සුරංග ලක්මාල් කැදවා තිබුණි. තෙවැනි තරගයට ක‍්‍රීඩා කළ දිමුත් කරුණාරත්න, තිසර පෙරේරා සහ සීකුගේ ප‍්‍රසන්නට මෙම තරගයේදී ස්ථාන අහිමි වූහ.
දෙරට අතර පස්වැනි සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය අනිද්දා (27) අබුඩාබි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.