Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ දැනට ක‍්‍රියාත්මක පාපන්දු ලිගයන්හි (සංගම්) ලේකම්වරුන්ට මලයාසියානු සංචාරයක් ලබාදීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
එහිදී දිවයිනේ ස්ථාපිත පාපන්දු ලිග 47ක ලේකම්වරුන් ලබන දෙසැම්බර් 2 සිට 4 දක්වා මලයාසියාවේදී පැවැත්වෙන පාපන්දු පරිපාලන කටයුතු පිළිබඳව දැනුවත් කෙරෙන සමුළුවකට සහභාගි කරවන බව පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි.
මේ අතර පාපන්දු ලිග සභාපතිවරුන් සඳහා ද ලබන ජනවාරි මාසයේදී ඉන්දියාවේ ගෝවේ නගරයේදී පැවැත්වෙන පාපන්දු පරිපාලන උපදෙස් ලබා ගැනීමේ සමුළුවකට සහභාගි කරවන බව ද ඔහු පවසයි. මෙරට පාපන්දු ලීගවල සියලූ ලේකම්වරුන් හා සභාපතිවරුන් එකවර විදෙස් සංචාරයකට සහභාගි වන පළමු අවස්ථාව මෙය බව පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී මලයාසියාව බලා යන පාපන්දු ලීග ලේකම්වරුන් සඳහා විශේෂ දීමනාවක් බැගින් ද ලබාදීමට නියමිතය. ලංකාදීපය කළ විමසුමකදී රංජිත් රුද්‍රිගු මහතා මෙසේ ද පැවසීය. සමහරුන්ට හැමදේම පේන්නෙ වැරදියට. මේක පාපන්දු නිලවරණය බලා ගෙන කරන දෙයක් කියල සමහරු කියන්න ගනියි.
නමුත් පාපන්දු නිලවරණයට තව අවුරුදු එක හමාරකට වැඩිය කාලයක් තිබෙනවා. ඇත්ත කතාව අපේ රටේ පාපන්දු ක‍්‍රීඩාව කඩා වැටෙන්න හේතුවක් තමයි ප‍්‍රාදේශීය වශයෙන් අපේ නිලධාරීන්ට පාපන්දු පරිපාලනය පිලිබඳව නිසි අවබෝධයක් නොවීමත්. මේ නිසා ආසියානු පාපන්දු සමුළුවේ සහයෝගයෙන් අපේ පාපන්දු ලීග ලේකම්වරු සභාපතිවරුන්ට පාපන්දු පරිපාලන කටයුතු මෙහෙයවීම පිළිබඳව පිටරටකදී පුහුණුවක් ලබා දෙන්න මා ආසියානු පාපන්දු සමුළුවක් එක්ක සාකච්ඡ කිරීමේ ප‍්‍රතිඵලයක් හැටියටයි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන්නේ.
මේ අතර රුද්‍රිගු මහතා පවසන්නේ අන්තර් ජාතික පාපන්දු සමුළුවේ සහයෝගයෙන් ඉදිරියේදී මෙරට පාපන්දු ක‍්‍රීඩා වාර්තාකරණය පිළිබඳව ජනමාධ්‍යවේදීන් දැනුවත් කෙරෙන වැඩමුළුවත් කොළඹදී පැවැත්වීමට ද කටයුතු කරන බවයි. වැඩමුළුවට සහභාගි වන සමස්ත නිලධාරීන්ගේ ගණන 55 ක් පමණ වනු ඇතැයි වාර්තා වේ. එහිදී කණ්ඩායම් භාර ප‍්‍රධානියා ලෙස පාපන්දු සම්මේලනයේ පරිපාලන ලේකම් රාහුල සිරිවර්ධන මහතාත් කණ්ඩායම් නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙස උප භාණ්ඩාගාරික කොන්රඞ් පෙරේරා මහතාත් කටයුතු කරති.
පාපන්දු සම්මේලනයේ අළෙවි කමිටුවේ සභාපති ටේරවෝ රෙකමන් මහතා ඇතුළු ක‍්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් දෙදෙනකු ද මලයාසියානු සංචාරයට සහභාගිවීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.