Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
හැටේ දශකයේදී ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පාපැදි ශූරයෙකු වන පී. ඇන්තනී සීමන්ස් මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 80 හැවිරිදි වියේ පසුවූ ඔහු දූ දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි. වයස 15 වන විටම පාපැදි තරග බිමට පිවිසි සීමන්ස් 1961 දී ‘ලංකා සවාරිය’ ජය ගැනීමෙන් පාපැදි ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම අවධානය දිනා ගත්තේය.
60 හා 70 දශක වලදී හා පසු කාලයේ දී ඔහු විසින් ජයගෙන තිබෙන පාපැදි තරග සංඛ්‍යාව 500 ක් ඉක්මවා තිබේ. ඔහුගේ විශිෂ්ටත්වය වන්නේ දශක හයකට ආසන්න කාලයක් පුරා පාපැදි ක්‍රීඩා ක්ෂේත්‍රයේ අඛණ්ඩව ගත කරමින් දැක් වූ ඉහළම දායකත්වයයි.
සිය දිවිය පුරා පාපැදි තරග අත් නොහළ ඇන්තනි සිමන්ස්, ඉතා මෑතක් වනතුරුම ප්‍රවීණයන්ගේ පාපැදි තරග සඳහා සහභාගි වෙමින් ජයග්‍රහණ ලැබීය. ඔහු අවසන් වරට වයස 79 දීත් ප්‍රවීනයන්ගේ පාපැදි තරගයකට සහභාගි වූයේ ශ්‍රී ලංකාවේ වයසින් වැඩිම පාපැදි තරගකරුවා බවට වාර්තාවක් ද පිහිටුවමිනි.
අන්තර් ජාතික තරග මාලා කීපයකට ද සහභාගි වී ඇති සීමන්ස් මහතා අන්තර් ජාතික පාපැදි සම්මේලනයේ මහ සමුළුවද වරක් ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කළේය.
හිටපු ජාතික පාපැදි පුහුණුකරුවෙකු වන ඔහු ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ උප සභාපතිවරයෙකු ලෙසත් ශ්‍රී ලකා ප්‍රවීණයන්ගේ පාපැදි සංගමයේ ලේකම්වරයා ලෙසත් හා රත්නපුරය දිස්ත්‍රික් පාපැදි සංගමයේ සභාපති ධුරයේත් කටයුතු කළේය.
සිමන්ස් මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (11) පෙරවරු 11.30 ට රත්නපුරය පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.