Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලට අනුව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පරිපාලන කටයුතු කෙරෙන මූලස්ථානය ක්‍රීඩා අමාත්‍යාංශයට පැවැරීමට එහි සභාපති ධුරය දරමින් සිටි අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතා ඊයේ (7) එකඟ වී තිබේ.
එසේ වුවත් සම්මේලනය සතු, හිටපු විධායක සභාව පරිහරණය කළ ලිපිගොනු, පරිගණක, ඒවායෙහි මුරපද ඇතුළු නිශ්චල දේපොළ තවදුරටත් තමන් සන්තකයේම තබාගැනීමට එන්. කරුණාරත්න මහතා පියවර ගෙන තිබේ.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා කුරුඳුවත්ත පොලිසියට කළ පැමිණිල්ලකින් කියා සිටියේ, අප්‍රේල් 6 වැනිදා පත්වූ පාපැදි සම්මේලනයේ නව විධායක සභාවට පාපැදි සම්මේලනය සතු චංචල හා නිශ්චල දේපොළ පවරා දීම එහි හිටපු විධායක සභාව ප්‍රතික්ෂේප කර තිබෙන බවයි.
ඒ හේතුවෙන් පාපැදි විධායක සභාවට සිය පරිපාලන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වීමෙන් රටේ පාපැදි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බලපෑමක් සිදු වී ඇතැයි ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පොලිසියට පැමිණිළි කර තිබිණ.
පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා හා සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂිකා ශීලා ද සේරම් මහත්මියද වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් එන්. කරුණාරත්න මහතා හා පාපැදි සම්මේලනයේ ලේකම් ධුරයේ කටයුතු කළ නිහාල් කුලසේකර මහතාත් ඊයේ කුරුඳුවත්ත පොලිසීයේ පෙනී සිටියහ.
පාපැදි සම්මේලනය සිය පරිපාලන කටයුතු පවත්වාගෙන යන ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලය රාජ්‍ය දේපොළක් බැවින්, එය පමණක් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත බාරදීමට වගඋත්තරකාර පාර්ශ්වය එකඟ වී තිබේ.
අන්තර්ජාතික පාපැදි සම්මේලනය තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන නිල පාපැදි පරිපාලන ඒකකයේ ප්‍රධානියා ලෙස එන්. කරුණාරත්න මහතා පිළිගන්නා බැවින්, තමන් තවදුරටත් ශ්‍රී ලංකාවේ පාපැදි පරිපාලනය මෙහෙයවන බවද කරුණාරත්න මහතා පැවසා තිබේ. සම්මේලනය සතුව පවතින දේපොළවල හිමිකරු ලෙස තමන් තවදුරටත් පෙනී සිටින බවත් වගඋත්තරකාර පාර්ශ්වය ඊයේ කුරුඳුවත්ත පොලිසියේදී ප්‍රකාශ කර තිබේ.
“අන්තර්ජාතික පාපැදි සම්මේලනය තවදුරටත් පිළිගන්නේ එන්. කරුණාරත්න මහතාගේ විධායක සභාව නම් ඒ ගැන ක්‍රීඩා අමාත්‍යාංශයේ මතය ප්‍රකාශ කරලා අපි අන්තර්ජාතික සම්මේලනයට ලිපියක් යවනවා“ යයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසීය.
“විශේෂයෙන්ම අපි ඔවුන්ට පාහැදිලි කරනවා නිලවරණයට රාජ්‍ය මැදිහත්වීමක් කිසිසේත් සිදු නොවුණු බව. ඒ සඳහා අපි පාපැදි සම්මේලනයට අප්‍රේල් 6 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ නව විධායක සභාවත් හවුල් කරගන්නවා...“
“කොහොම වුණත් මේ රටේ දැන් ක්‍රියාත්මක වන නීත්‍යනුකූල පාපැදි පරිපාලන ඒකකය ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයට පිළිගන්න වෙන්නේ අප්‍රේල් 6 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ විධායක සභාවයි.
අන්තර්ජාතික පාපැදි සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයේ කරුණු දැක්වීමට දක්වන ප්‍රතිචාර බලලා අපි ඊළඟ කටයුත්තට යනවා. බොහෝ විට අපට එතැනදී ඉතිරි වෙන සෙසු එකම විකල්පය තමයි මේ තත්ත්වය පැහැදිලි කරගන්න අධිකරණයේ නඩුවක් පවරන එක“
අන්තර්ජාතික සම්මේලනයේ මතය කුමක් වුවත් ක්‍රීඩා අමාත්‍යාංශය හැටියට අපට වැඩ කරන්න වෙන්නේ රටේ නීතියත් එක්කයි. ඒ නිසා මෙයින් පසුව අපි රජයේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගනිමින් ඉදිරි ක්‍රියාමාර්ගයට යනවා.” යයිද අමල් එදිරිසූරිය මහතා පැවසීය.
අප්‍රේල් 6 වැනිදා පැවැති නිලවරණයෙන් සභාපති ධුරයට වැඩි ඡන්දයෙන් පත්වූයේ හිටපු පාපැදි ශූරයකු වන එච්.එල්. ක්‍රිෂාන්ත මහතාය. එහිදී ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකකින් විධායක සභිකයන් තේරී පත්වුණු අතර සභාපති ධුරයට පත් ක්‍රිෂාන්ත මහතාට තමන් ආශිර්වාද කරන බව එන්. කරුණාරත්න මහතා කියයි. එහෙත් හිටපු විධායක සභාව පරිහරණය කළ ලිපිගොනු, පරිගණක, ඒවායෙහි මුරපද ඇතුළු නිශ්චල දේපොළ තවදුරටත් තමන් සන්තකයේම තබාගැනීමට එන්. කරුණාරත්න මහතා පියවර ගෙන තිබේ.
දේශීය පාපැදි පරිපාලනයේ පවතින වත්මන් ආරවුල් තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ඉකුත් දා ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ පාපැදි සම්මේලනයේ හිටපු විධායක සභාවක කටයුතු කිරිමේ චෝදනා හමුවේ එන්. කරුණාරත්න, ලේකම් ධුරයේ කටයුතු කළ නිහාල් කුලසේකර හා භාණ්ඩාගාරික සේනක රණසිංහ යන මහත්වරුන්ට දේශීය වශයෙන් පාපැදි පරිපාලන කටයුතුවල නිරත වීම තහනම් කරමින් නියෝගයක් ද දී තිබේ.
ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සඳහා ඔවුන් ක්‍රීඩා අමාත්‍යාංශයට කැඳවුවත් ඊට පෙනී සිටීම එම නිලධාරීහු තිදෙනාම ප්‍රතික්ෂේප කළහ. එයින් පසුව ඔවුන්ට මෙම පරිපාලන තහනම පැනවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.