Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී යගුලිය විසි කිරීම ඉසව්වෙන් සෙනසුරාදා (4) තරග වැදුණු පාලිත බණ්ඩාර හල්ගහවෙල මීටර 13.40 ක දුරක් යගුළිය වීසි කරමින් තරගාවලියේ පස්වැන් ස්ථානය ලබාගත්තේය. ඒ සමගම ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා නියෝජනය අවසන් විය.
පාලිත බණ්ඩාර හල්ගහවෙල ආසියානු පැරලිම්පික් තරගාවලියේ රිදී පදක්කම්ලාභියෙකි.
පාලිත බණ්ඩාර හල්ගහවෙල මීටර 13.40 ක් යගළිය වීසි කරමින් ඉසව්වේ පස්වැනි ස්ථානය ලැබුවේ දණහිසට ඉහළින් එක් පාදයක් අහිමි T-64 කාණ්ඩයෙනි. එහි රන් පදක්කම බ්‍රිතාන්‍ය ක්‍රීඩක ඇලෙඩ් ඩේවිස් දිනාගත්තේ මීටර 15.33 ක දක්‍ෂතාවයක් දක්වමිනි. ඔහුට තියුණු තරගයක් දුන් ඉරානයේ සජාඩ් මොහොමදියන් මීටර 14.88 කට යගුළිය වීසි කරමින් එහි රිදී පදක්කම ලැබීය. මෙම ඉසව්වට තරග වැදුණු ක්‍රීඩකයන් ගණන නවයකි.
ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 57 වැනි ස්ථානය ලැබීය.
මෙවර පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. වසර 2016 පැවැති රියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 76 වැනි ස්ථානය හිමිකර ගත්තේ එක් ලෝකඩ පදක්කමක් පමණක් හිමිකර ගැනීමෙනි.
රියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව පදක්කම් සටහනට රැගෙන ගිය දිනේෂ් ප්‍රියන්ත හේරත්ම ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදීත් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ වඩා ඉහළ ස්ථානයක් අත්කර දීමට පුරෝගාමී විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද දැරූ දිනේෂ් ප්‍රියන්ත හේරත් හැරුණු විට හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන්ම ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනාදීමට සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වූයේය.
28 හැවිරිදි පාලිත බණ්ඩාරගේ මීට ඉහතදී ඉසව්වේ දක්‍ෂතාවය වාර්තා වූයේ 2018 ජකර්තා පැරාආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 13.21 ක දක්‍ෂතාවයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමයි. ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් දෙදෙනා හැරෙන්නට මෙම යගුලිය විසි කිරීමේ ක්‍රීඩකයාගේත් පුහුණුකරු වූයේ ප්‍රදීප් නිශාන්ත මහතායි.
ටෝකියෝ පැරලිම්පික් උළෙලේ සමස්ත ජයග්‍රාහකයා වූයේ රන් පදක්කම් 96ක් දිනාගත් මහජන චීනයයි. එය ඔවුන් රියෝ පැරාලිම්පික් උළෙලේදී ජයග්‍රාහකයා වෙමින් දිනාගත් රන් පදක්කම් එකතුවට වඩා 11ක අඩුවකි. රියෝ ඔලිම්පික් උළෙලේදී චීනය රන් පදක්කම් 107ක් දිනා තිබේ.
ඉන්දියාව මෙවර වඩාත් කැපී පෙනෙන තැනක පදක්කම් සටහනේ පසුවන්නේ රන් පදක්කම් පහක් දිනා ගැනීමෙනි. ඉන්දියාව රන් පදක්කම් පහක්, රිදී පදක්කම් අටක් හා ලෝකඩ පදක්කම් හයක් සමග මුළු පදක්කම් 19ක එකතුවෙන් 24 වැනි ස්ථානය දක්ව පදක්කම් සටහනේ ඉහළට පැමිණ සිටියි. ඔවුන්ගේ මෙවර සහභාගීත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 54 කගේ කණ්ඩායමකි.
එක් ක්‍රීඩකයකු හා එක් ක්‍රීඩිකාවක් පමණක් ඉදිරිපත් කළ පාකිස්ථානය ද රන් පදක්කමක් දිනාගත්තේය. ඒ හේතුවෙන් පාකිස්ථානය පදක්කම් සටහනට එකතු වී ඇත්තේ 59 වැනි ස්ථානය ලබමිනි.
සංචාරක ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ ඉතිරි පිරිස හෙට (7) පස්වරුවේ දිවයිනට ළඟා වේ. එම පිරිසට රන් පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කම ලද සමිත දුලාන් ද ඇතුළත් වෙති.
ඔවුන් දෙදෙනාට, මුදල් ත්‍යාග ලෙසින්, රුපියල් කෝටි පහක් හා කෝටි දෙකක් ක්‍රීඩා අමාත්‍යාංශය මේ වනවිට අනුමත කර තිබේ. ඔවුන්ගේ පුහුණකරු ප්‍රදීප් නිශාන්ත මහතාටත් ඒ යටතේ රුපියල් එක් කෝටි හැටපන් ලක්‍ෂයක මුදලක් ලබාදේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.