Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මේ වනවිට නතර කර තිබෙන අන්තර් පාසල් රග්බි තරගාවලියේ තරග මීළඟ සති අන්තයේ සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවරුන්ගේ සංගමය එකඟ වී තිබේ. ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිශ්චයකරුවන්ගේ සංගමයේ නිලධාරීන් අතර අද (6 වැනිදා) පැවැති සාකච්ඡාවකින් අනතුරුව, ලබන සතියේ සිට නැවතත් පාසල් රග්බි තරග විනිශ්චය කිරීමට විනිසුරුවරු එකඟව සිටිති.
ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පසුගිය සතියේ රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැති රග්බි තරගයෙන් අනතුරුව රග්බි විනිසුරුවරුන්ට කළ පහරදීමට විරෝධය පෑමක් ලෙසින් රග්බි විනිසුරුවරු පාසල් රග්බි තරග වලින් ඉවත් වූහ.
ඒ සම්බන්ධයෙන් රග්බි විනිසුරු සංගමයෙන් ලිඛිතව සමාව ඉල්ලා සිටි ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය, ගැටුම ඇතිවූ රග්බි තරගයේ සංවිධායකවරුන් වූ විද්‍යා විදුහලට සම්බාධක සහ තහංචි කිහිපයක් ද පනවා තිබේ.
ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරු සංගමය කියා සිටියේ මේ මස 15 වැනිදා දක්වා තමන් රග්බි තරග විනිශ්චය කිරීමෙන් වැළකී සිටින බවයි. මෙම තීරණය නිසා මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ සියලුම පාසල් රග්බි තරග කල්දැමීමට සිදුවිය.
(ඡායාරූපය - කුෂාන් පතිරාජ)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.