Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පැසිපන්දු ශූරතාව පුත්තලමට

පැසිපන්දු ශූරතාව පුත්තලමට

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලියේ පිරිමි ශුරතාවය දිනා ගැනීමට පුත්තලම දිස්ත්‍රික් ඒකාබද්ධ යෞවන සමාජ ක්‍රීඩකයෝ සමත්වුහ.

යාපනය දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ යෞවන සමාජ කණ්ඩායම විසින් කාන්තා ශූරතාව දිනා ගනු ලැබීය.

තරගාවලියේ පිරිමි අනුශුරතාව යාපනය දිස්ත්‍රික් ඒකාබද්ධ යෞවන සමාජ කණ්ඩායම දිනාගත් අතර කාන්තා අනුශුරතාව මඩකලපුව දිස්ත්‍රික් යෞවන සමාජ ඒකාබද්ධ කණ්ඩායමට හිමිවිය.

මෙම තරගාවලිය සඳහා දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කාන්තා හා පිරිමි පැසිපන්දු කණ්ඩායම් 52 ක් සහභාගී වුහ. ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් පිරිමි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී හා ත්‍රිකුණාමලය නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පසුගියදා තරග පැවැත්විණ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ යෞවන සමාජ කණ්ඩායම කාන්තා තෙවැනි ස්ථානය ද, නාගරික තරුණයා දිස්ත්‍රික් ඒකාබද්ධ යෞවන සමාජ කණ්ඩායම පිරිමි තෙවැනි ස්ථානය ද ලැබීය.

ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන 28 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 22, 23, 24 සහ 25 යන දිනවල බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

- 090

 

පිරිමි ශූරතාව දිනාගත් පුත්තලම දිස්ත්‍රික් පැසිපන්දු කණ්ඩායම

කාන්තා ශූරතාව දිනාගත් යාපනය දිස්ත්‍රික් පැසිපන්දු කණ්ඩායම

 


අදහස් (0)

පැසිපන්දු ශූරතාව පුත්තලමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.