Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පීටර්සන්ගේ ගමන නිමවෙයි

පීටර්සන්ගේ ගමන නිමවෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

විසි එක්වැනි සියවස ආරම්භයේදී එංගලන්තය වෙනුවෙන් කී‍්‍රඩා කළ අති දක්‍ෂ පිතිකරුවකු වූ කෙවින් පීටර්සන්ගේ අන්තර්ජාතික තරග දිවිය වැඩි සද්දයකින් තොරවම ඊයේ  (4 වැනිදා) නිමා විය. මේ මාසයේදී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය සංචාරය සහ වි:20 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම තේරීමේදී එංගලන්ත තේරීම් කමිටු නිලධාරීහු කෙවින් පීටර්සන් නොසලකා හළහ.

ඕස්ටේ‍්‍රලියාවේදී නිමාවූ අළු බඳුන තරගාවලියේදී මෙන්ම  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති එක්දින සහ වි:20 තරගාවලියේදීත් අතිශය දරුණු පරාජයන් වැලකට මුහුණ දුන් එංගලන්ත කණ්ඩායම නැවතත් ගොඩනැ`ගීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගන්නා ලදි.

දකුණු අපි‍්‍රකාවේ උපත ලද 33 හැවිරිදි කෙවින් පීටර්සන්ට දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවූවද පසුව ඔහු එංගලන්තයට ගොස් එංගලන්තය වෙනුවෙන් කී‍්‍රඩා කිරීමේ වරම් උදාකරගත්තේය.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 104 කදී ලකුණු 8181 ක් ලබාගත් පීටර්සන් ටෙස්ට් ශතක 23 ක හිමිකරුවෙකි. එංගලන්තය වෙනුවෙන් එක්දින තරග වලදී ලකුණු 4000 ඉක්මවා ලබාසිටින පීටර්සන් එංගලන්ත කි‍්‍රකට් නිලධාරීන් මෙන්ම කණ්ඩායම් නායකයන් සමගද නිතර ගැටුම් ඇතිකරගත් කී‍්‍රඩකයෙකි. එසේ වුවද කෙවින් පීටර්සන් අති දක්‍ෂ පිතිකරුවෙකි.

පසුගිය වසරේදී (2013) එංගලන්තයේදී පැවැති අළු බඳුන තරගාවලියට පොරතුව  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු කී‍්‍රඩකයකු වූ ඬේමියන් මාටින් පැවසුවේ කෙවින් පීටර්සන් යනු භයංකාර කී‍්‍රඩකයකු බවයි.

”ලෝකයේ කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතුරින් ප‍්‍රතිවාදීන්ගේ සිත තුළ බිය ජනනය කළ හැක්කේ කී‍්‍රඩකයන් කිහිප දෙනකුට පමණයි. බ‍්‍රයන් ලාරා, විවියන් රිචඞ්ස් වගේම කෙවින් පීටර්සන්ද එවැන්නෙක්”

”පීටර්සන්ට  ඕනෑනම් පැය දෙකකදී තරගයක් ජයගන්න පුළුවන්” යයිද ඬේමියන් මාටින් පවසා තිබිණ.

එවන් අති දක්‍ෂ කී‍්‍රඩකයකු වුවද කණ්ඩායමක් ලෙස තරග කිරීමේදී පීටර්සන් පිටස්තරයකු වශයෙන් සැලකෙන්නේ ඔහුගේ අත්තනෝමතික කි‍්‍රයා කලාපයත් අයහපත් ආකල්පත් හේතුවෙනි.

බොහෝ අවස්ථාවන්හිදී ඉතාමත් නොසැලකිලිමත් අන්දමින් දැවී යන පීටර්සන් තරුණ කී‍්‍රඩකයන් නොරිස්සීමද එංගලන්ත පිලට අවාසනාව ගෙන ආවේ වරක් දෙවරක් නොවේ. පීටර්සන් ආන්දෝලනාත්මක චරිතයක් වූ නමුත් ඔහුගේ හැකියාව ප‍්‍රශ්න කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීය.

වසර 2008 දී එංගලන්ත පිලේ නායකත්වයට පත්වූ පීටර්සන් එයින් මාස කිහිපයකට පසුව පුහුණුකරු පීටර් මුවර්ස් සමග ගැටුමක් ඇතිකරගනිමන් නායකත්වයෙන් ඉල්ලා අස්විය. පසුව පීටර් මුවර්ස්ද පුහුණුකරු තනතුරෙන් ඉවත් කෙරිණ.

එයින් වසර දෙකකට පසුව ‘ට්විටර්’ ජාලයට නොසරුප් වදන් මුදාහැරීම හේතුවෙන් පීටර්සන්ට දඩ නියම කෙරුණු අතර තවත් අවස්ථාවකදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව තරග කරමින් සිටියදී ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන්ට කෙටි පණිවුඩ යැවීම වෙනුවෙන් දඩ කෑවේය.

පීටර්සන් හුදෙකළාව පි‍්‍රයකරන්නකු වශයෙන් සැලකේ. ඔහු සෙසු අයගේ මත නොයිවසීමත් එහිම ප‍්‍රතිඵලයක් වියහැකිය.

”මා තනියම ඉන්න වඩාත් කැමතියි. මගේ පවුලේ අයත් එක්ක තමයි මා ඉන්නේ. මා වැඩිය එළි පෙහෙළියට යන්නේත් නෑ”

”මා හිතන්නේ මට කිසියම් ආත්ම විශ්වාසයක් තියෙනවා නම් ඒ මම කි‍්‍රකට් පිටියේදී දැක්වූ දක්‍ෂතා නිසයි. ඒ හැරෙන්නට මට එතරම් ආත්ම විශ්වාසයක් තියෙනවා කියා මා හිතන්නේ නෑ” යයිද කෙවින් පීටර්සන් පැවසීය.

දකුණු අපි‍්‍රකානු ජාතික පියකුට සහ එංගලන්ත මවකට දාව, දකුණු අපි‍්‍රකාවේ නටාල් ප‍්‍රාන්තයේ උපන් කෙවින්, සිය කි‍්‍රකට් දිවිය ආරම්භ කළේ පිට ද`ග පන්දු යවන්නකු ලෙසිනි. වසර 1999 දී නසාර් හුසේන්ගේ එංගලන්ත පිලට එරෙහිව තරග කරමින්  ක්වාසුලූ නටාල් පිල වෙනුවෙන් කඩුලූ 4 ක් දවාගත් පීටර්සන් එම තරගයේදීම අංක 9 පිතිකරුවා වශයෙන් පිටියට පිවිස නොදැවී ලකුණු 61 ක් ලබාගත්තේය.

එහෙත් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම තේරීමේදී එවකට පැවැති කළු - සුද කී‍්‍රඩක අනුපාතය සම්බන්ධයෙන් නොසතුටට පත් පීටර්සන් එංගලන්තයට පැමිණ නොටිංහැම්ෂයර් ප‍්‍රාන්තය වෙනුවෙන් කී‍්‍රඩා කිරීම ආරම්භ කළේය. එහිදී පීටර්සන් සිය පළමු තරග සමය නිමාකළේ පිතිකරුවකු වශයෙන් ඉනිමකදී ලකුණු 60 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

පසුව ඔහු 2004 දී එංගලන්ත පිල වෙනුවෙන් කී‍්‍රඩා කිරීමේ සුදුසුකම් සපුරා ගත්තේය. පීටර්සන් එංගලන්තය වෙනුවන් සිය මුල්ම ශතකය ලබාගත්තේද තමන්ගේ නිජබිම වූ දකුණු අපි‍්‍රකාවට එරෙහිවය.

එදා මෙදා තුර එංගලන්තය වෙනුවෙන් අති විශිෂ්ට දස්කම් දැක්වූ මෙම අලංකාර දකුණත් පිතිකරුවා පසුගිය වසරේදී දැඩි සෙයින් අසාර්ථක විය. පසුගිය පසුගිය මාසයේදී නිමා වූ අළු බඳුන තරගාවලියේදීත් අසාර්ථක වූ පීටර්සන් දැවී ගියේ ඉතාමත් නොසැලකිළිමත් පහර වලිනි.

”මගේ අදහගත නොහැකි තරග දිවිය මේ වගේ අවසන් වීම ගැන මා කණගාටු වුණත් පසුගිය වසර 9 ක කාලයේදී අප කණ්ඩායමක් වශයෙන් කළ දේ ගැන මා ඉතාමත් සතුට පත්වෙනවා” යයි පීටර්සන් නිවේදනයක් නිකුත් කරමින්  කියා තිබිණ.

”එංගලන්තයෙන් බිහිවූ අති විශිෂ්ට කී‍්‍රඩකයන් පිරිසක් සමග එක්ව කී‍්‍රඩා කිරීමට ලැබීම සමබන්ධයෙන් මා වාසනාවන්තයි කියා හිතෙනවා....කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් මට කරන්න තව බොහෝ දේ තිබෙනවා. මා ඒ දේවල් කරනවා වුණත් ඒ  එංගලන්ත පිල වෙනුවෙන් නොවීම ගැන කණගාටු වෙනවා” යයිද එම නිවේදනයේ සටහන්ව තිබිණ.

එංගලන්ත පිලේ හිටපු නායක මයිකල් වෝන් පවසන්නේ කෙවින් පීටර්සන් එංගලන්තය වෙනුවෙන් කී‍්‍රඩා කරනු නැවත දක්නට නොලැබීම කණගාටුවට කරුණක් බවයි.

එංගලන්ත කණ්ඩායම කි‍්‍රකට් ලෝකයේ පතුළටම ගිළී ඇති අවස්ථාවක පීටර්සන් ඉවත් කිරීම පිළිබඳව බොහෝ දෙනා නොයෙකුත් දේ කියනු නිසැකය. එහෙත් එම තීරණය එංගලන්ත පිලේ යහපත වෙනුවෙන් ගත් හොඳ තීරණයක් වන්නටද පිළිවන.


අදහස් (6)

පීටර්සන්ගේ ගමන නිමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.