Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පීටර්හැන්සල් විශිෂ්ටත්වය තහවුරු කරයි

පීටර්හැන්සල් විශිෂ්ටත්වය තහවුරු කරයි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

66

 


ආජන්ටිනාවේදී සහ බොලීවියාවේදී පැවැති 38 වැනි ඩකා රැුළියේ මෝටර් රථ අංශයේ සමස්ථ ශූරතාව දිනාගැනීමට ප‍්‍රංශ ජාතික ස්ටීවන් පීටර්හැන්සල් සමත් විය. මෙය ඔහුගේ 12 වැනි රැළි ශූරතාව වන අතර 6 වැනි ඩකාර් රැළි ශූරතාවද වේ.

50 වැනි වියේ පසුවන පීටර්හැන්සල්, මෙවර ඩකාර් රැළියේ රියෝ කුවාට්රෝහිදී පැවැති අවසන් අදියර (13) ජයග‍්‍රාහකයා ලෙස අවසන් කළේ පර්ජෝ කණ්ඩායමට 1990 වසරෙන් පසුව ලැබූ පළමු ජයග‍්‍රහණය අත්කර දෙමිනි.

”එය මට ඉතා විශේෂ අවස්ථාවක්. තරගයේ ලොකු පීඩනයක් තිබුණා. එත් මට පුලූවන් වුණා සාර්ථකව ඒ පීඩනයට මුහුණ දෙන්න.” ජයග‍්‍රහණයෙන් අනතුරුව පීටර්හැන්සල් පැවසීය.

”මම හුගක් ජයග‍්‍රහණ අත්කරගෙන තියෙනවා. එත් මේක මගේ හොඳම ජයග‍්‍රහණ තුනෙන් එකක් විදිහටයි මම සලකන්නේ.” ඔහු තවදුරටත් පැවසීය.

මෝටර් රථ අංශයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ඉකුත් වසරේ පැවැති ඩකාර් රැළිය ජයගත් කටාර් ජාතික නසාර් අල් අතියා සමත් වූ අතර දකුණු අපි‍්‍රකානු ජාතික ගිනියෙල් ඩිවිලියර්ස් එහි තෙවැනි ස්ථානයට පත් විය.

66622යතුරුපැදි අංශයේ සමස්ථ ශූරතාව දිනාගැනීමට කේ. ටී. එම්. වර්ගයේ යතුරුපැදියක් භාවිතා කළ  ඕස්ටේ‍්‍රලියානු ජාතික රොබි ප‍්‍රයිස් සමත්වූ අතර ඒ සමගම ඔහු ඩකා රැළියක් ජයගත් පළමු  ඕස්ටේ‍්‍රලියානුවා බවටද පත්විය.

මේ වන විට 28 වැනි වියේ පසුවන ප‍්‍රයිස්, ඉකුත් වසරේ (2015) පැවැති ඩකා රැළියේ තෙවැනි ස්ථානය දිනාගත් කී‍්‍රඩකයාද වේ. එවර ඔහු සහභාගීවූයේ සිය මංගල ඩකා රැළියටයි.

”ඩකා රැළිය ජයගත් පළමු  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයා බවට පත්වීම මට උමතුවක් වගේ” ජයග‍්‍රහණයෙන් අනතුරුව ප‍්‍රයිස් පැවසීය.

”මම දන්නේ නෑ මොනවා කියන්නද, මොනවා හිතන්නද කියලා. මම දැන් කම්පනයට පත් වෙලයි ඉන්නේ. මම කවදාමත්ම හිතුවෙ නෑ මගේ දෙවැනි ඩකා රැළියේදීම ශූරතාව දිනාගන්න පුලූවන් වෙයි කියලා” ඔහු තවදුරටත් පැවසීය.

ස්ලෝවැකියාවේ ස්ටෙෆන් සිවිට්කෝ යතුරුපැදි අංශයේ දෙවැනි ස්ථානය හිමිකරගත් අතර එහි තෙවැනි ස්ථානය චිලී රාජ්‍යයේ පැබ්ලෝ ක්වින්ටනිලාට හිමිවිය.


- 036

 


අදහස් (0)

පීටර්හැන්සල් විශිෂ්ටත්වය තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.