Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පීඩනය අපේ කරපිට වැටිලා - මැතිව්ස්

පීඩනය අපේ කරපිට වැටිලා - මැතිව්ස්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 10 Comment
A A A

නවසීලන්ත පිලට එරෙහිව මේ මස 16 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය ශ‍්‍රී ලංකා කණ්ඩායමට විශාල පීඩනයක් බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවැති දෙවැනි තරගයෙන් අනපේක්‍ෂිත පරාජයක් ලැබීමෙන් පසු මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මැතිව්ස් මෙසේ පැවසීය.

”දැන් අපිට තරගාවලිය ජය ගන්න බෑ නමුත් සම තත්ත්වයෙන් අවසන් කරන්න පු`ඵවන්. මම හිතන්නේ ඒක ලොකු පීඩනයක්, දෙවැනි තරගය අපිට ජයග‍්‍රහණය කරන්න තිබුණා. පන්දු යවන්නන්ගේ දුර්වලතාව නිසා පරාජයට පත්වුණා. පරාජයට නිදහසට කරුණු කියන්න මට අවස්ථාවක් නෑ, දැන් ඒ තරගයට සූදානම් වී ජය ලැබිය යුතුයි”

”මේක අපිට හොද පාඩමක්, පන්දුව තෙත් වූ අවස්ථාවේ අද අපි පන්දු යැවූ ආකාරයත්, පන්දුව තෙත් වූ අවස්ථාවේදී යොදාගත යුතු සංයුතිය පිළිබදවත් අවධානය යොමු කරන්න මේ අවස්ථාවක් කර ගන්නවා. දඹුල්ල ක‍්‍රීඩාංගණයේ තණතිල්ල නිරීක්‍ෂණය කර කණ්ඩායමේ සංයුතියේ වෙනස් කළ යුතුද යන තීරණ ගන්නවා”
දෙවැනි තරගයේ ජයග‍්‍රහණය සදහා නවසීලන්ත පිලට අවසන්  ඕවරයේදී ලකුණු 20 ක් අවශ්‍ය වූ අතර එම  ඕවරය යැවූ රංගන හේරත්ගේ පන්දු හයට ලකුණු 25 ක් රැස්කිරීමට නවසීලන්ත පිතිකරුවෝ දෙදෙනා සමත් වූහ.

රංගන හේරත්ගේ ස්ථානයට මේ තරගයේදී තිසර පෙරේරා කැදවූයේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවන්නට ඉඩ තිබුණේ දැයි කළ විමසුමට මැතිව්ස් මෙසේ පිළිතුරු සැපයීය.

”අපිට වර්ෂාව බලාගෙන ක‍්‍රීඩා කරන්න බෑ. කාලගුණය අපිට හරියමට නිරීක්‍ෂණය කරන්න බැරි නිසා සමබර කණ්ඩායමක් තෝරා ගත්තා. ඒ වගේම සූරියවැව තණතිල්ල පළමුව පිතිකරුවන්ට හොදයි, පසුව ටිකෙන් ටික දග කැවෙනවා ඒ වගේම මන්දගාමී වෙනවා. ඒ හේතුව නිසා වේග පන්දු යවන්නන් තිදෙනකු සහ ද`ග පන්දු යවන්නන් දෙදෙකු සමග තරගයට ගියා. අපේ ඉලක්කය වුණේ පළමුව පන්දුවට පහරදී විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමයි”

ශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි ක‍්‍රීඩකයන් සමග සිටියදී නවකයන් වැඩි සංඛ්‍යාවක් ක‍්‍රීඩා කළ නවසීලන්ත පිල හමුවේ පරාජයට පත්වීම පිළිබදව ශ‍්‍රී ලංකා පිලේ නායකයා මෙසේ අදහස් දැක්වීය.

”මම මේ තරගාවලිය ආරම්භයේදීත් කිව්වා අපි මේ තරගාවලිය සැහැල්ලූවට ගන්නේ නෑ කියලා. ඒ නිසා තමයි අපේ සුපිරි ක‍්‍රීඩකයන් සියලූ දෙනාම ක‍්‍රීඩා කළේ. මේ පරාජයට නම් පන්දු යැවීම තමයි හේතු වුණේ. ඩිල්ෂාන්, මහේල, සංගක්කාර යන ක‍්‍රීඩකයන්ට හැමදාම පීඩනය දෙන්න බෑ. චන්දිමාල්, තිරිමාන්න, කුසල්, දිමුත් අපි සියලූ දෙනාම නවකයෝ හැටියට ඒ අභියෝගය ජය ගන්න සූදානම් වෙන්න  ඕනේ”

ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රබල පන්දු යැවීම හමුවේ  ඕවර 23 කදී ලකුණු 198 ක ඉලක්කයක් සම්පූර්ණ කරමින් ලැබූ ජයග‍්‍රහණය අති විශිෂ්ට එකක් බව නවසීලන්ත පිලේ නායක කයිල් මිල්ස් පැවසීය.

”මෙහිදී ටොම් ලෙතම් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් කඩුලූ වැටී තිබූ අවස්ථාවේදී ලකුණු පුවරුවට ලකුණු එකතු කිරීමට සමත් වුණා. ඒ වගේම පසු පෙළ පිතිකරුවනුත් අවස්ථාවට උචිත ලෙස පන්දුවට පහර දුන්නා. විස්සයි20 තරගවලදී අපි හොදින් ක‍්‍රීඩා කර ඇති නිසා මේ ඉලක්කය සම්පූර්ණ කරන්න හැකියා ඇති බවට අපට විශ්වාසයක් තිබුණා” යැයි නවසීලන්ත නායකයා වැඩි දුරටත් පැවසීය. 

නවසීලන්ත පිල 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වන අතර තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීමට නම් ශ‍්‍රී ලංකා පිල අනිවාර්යෙන්ම දඹුල්ලේ පැවැත්වෙන තරගය ජය ලැබිය යුතුය. එම තරගය වාර්ෂාව හේතුවන් අතහැර දැමීමට සිදුවුවහොත් නවසීලන්තයට තරගාවලියේ ජය හිමිවේ.


අදහස් (10)

පීඩනය අපේ කරපිට වැටිලා - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.