Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (5 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 19.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කයක පසුකිරීමට සමත්විය.
මුල්පෙළ පිතිකරුවන් සියලුදෙනාම ලකුණු රැස්කළ අතර පන්දු 31 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළ ඇලෙක්ස් හේල්ස් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්විය.
අවසන් මොහොතේ පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි යූසුෆ් පතාන් පන්දු 12 කදී හයේ පහර සහ හතරේ පහර බැගින් ලබාගනිමින් නොදැවී ලකුණු 27 ක් රැස්කරමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
පන්දුවෙන් දස්කම් දැක්වූ අමිත් මිෂ්රා සිය ඕවර 4 ලකුණු 19 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තද සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා යෑම නවතාලීමට නොහැකිවිය.
කාසියේ වාසිය දිනාගත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 163 ක් රැස්කිරීමට සමත්විය.
අර්ධ ශතකයක් ලබාගත් ප්‍රිත්වි ෂෝ දෙවැනි කඩුල්ල සදහා ශ්‍රීයාස් අයියර් සමගින් එක්ව පන්දු 51 කදී ලකුණු 86 ක සම්බන්ධතාවයක් පවත්වමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
පන්දු 36 කට මුහුණදුන් ප්‍රිත්වි ෂෝ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 5 ක් ලබාගත් අතර ශ්‍රීයාස් අයියර් පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් රැස්කිරීමට සමත්විය.
රෂීඞ් ඛාන් සිය ඕවර 4 ලකුණු 23 කට සීමා කරමින් කඩුලු 2 ක් දවාගත්තේය.
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 163
(ප්‍රිත්වි ෂෝ 65, ශ්‍රීයාස් අයියර් 44, විජේ ශංකර් නොදැවී 23, රෂීඞ් ඛාන් 23/2)
සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 19.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 164
(ඇලෙක්ස් හේල්ස් 45, ශීකර් ධවාන් 33, කේන් විලියම්සන් නොදැවී 32, මනීෂ් පාණ්ඬේ 21, යූසුෆ් පතාන් නොදැවී 27, අමිත් මිෂ්රා 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.