Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 44 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර ඉන්දෝර්හිදී අද (12 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 31 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 246 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 214 ක් පමණි.
පාන්ජාබ් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක රවිචන්ද්‍රන් අෂ්වින් පන්දු 22 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 45 ක් රැස්කිරීමට සමත් වුවද, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට ඔහු අපොහොසත් විය. ඇන්ඩෘ ටේ (14) සමග එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අෂ්වින් සමත් විය.
පන්ජාබ් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලෝකේෂ් රාහුල් (66) සහ ක්‍රිස් ගේල් (21) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 29 කදී වාර්තා වූ රාහුල්ගේ අර්ධ ශතකය හයේ පහර 7 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත වූ අතර පන්දු 17 කදී වාර්තා වූ ගේල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඔන්ඩි්‍ර රසල් ලකුණු 41 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ප්‍රසිධ් ක්‍රිෂ්ණා ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගත්තේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 245 ක් රැස්කළ අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ සුනිල් නරේන් පන්දු 36 කදී ලකුණු 75 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගිනි.
ක්‍රිස් ලයන් (27) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නරේන්, ඉන් නොනැවතී රොබින් උතප්පා (24) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 17 කදී වාර්තා වූ ලයන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් වූ අතර පන්දු 17 කදී වාර්තා වූ උතප්පාගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.
ඔන්ඩි්‍ර රසල් (31) සහ නායක දිනේෂ් කාර්තික (50) එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනගමින් කොල්කටා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. පන්දු 23 කට මුහුණදුන් කාර්තික් හයේ පහර 3 කින් සහ හතරේ පහර 5 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 14 කට මුහුණදුන් රසල්ගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.
පන්ජාබ් කණ්ඩායමේ වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ ඇන්ඩෘ ටේ ලකුණු 41 කට කඩුලු 4 ක් දවාගත්තේය. මේ දක්වා තරග 12 කට සහභාගි වී සිටින ටේ එහිදී කඩුලු 20 ක් දවාගනිමින් මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටද පත්ව සිටියි.
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 245
(ක්‍රිස් ලයන් 27, සුනිල් නරේන් 75, රොබින් උත්ප්පා 24, ඔන්ඩි්‍ර රසල් 31, දිනේෂ් කාර්තික් 50, ශුබ්මන් ගුල් නොදැවී 16, ඇන්ඩෘ ටේ 41/4)
කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 214
(ලෝකේෂ් රාහුල් 66, ක්‍රිස් ගේල් 21, ඒරන් ෆින්ච් 34, අක්ෂර් පටේල් 19, රවිචන්ද්‍රන් අෂ්වින් 45, ඔන්ඩි්‍ර රසල් 41/3, ප්‍රසිධ් ක්‍රිෂ්ණා 31/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.