Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පී.සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 15 කින් ජයගැනීමට ගාල්ල කණ්ඩායම අද (14 වැනිදා) සමත්විය.
ජයග්‍රහණය සදහා ලකුණු 288 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම ඕවර 37.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 218 ක් රැස්කර සිටියදී අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළහ.
තරගය නතර කරනවිට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය සදහා ලකුණු 204 ක් ලබාගත් යුතුව තිබූ අතර ඒ වනවිටත් ඔවුන් ලකුණු 15 ක් ඉදිරියෙන් සිටියේය.
වේගවත් ආරම්භයක් ලබාගත් නායක උපුල් තරංග පන්දු 26 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 57 ක් රැස්කර ජයග්‍රහණය කරා යෑමට අඩිතාලම දමා දුන්නේය.
පළමු කඩුල්ල සදහා පන්ලු 40 කදී ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට රමිත රඹුක්වැල්ල සහ උපුල් තරංග සමත්වූහ.
තරගය නතර කරනවිට පන්දුවට පහරදෙමින් සිටි සම්මු අශාන් ලකුණු 48 ක් සහ දසුන් ශානක ලකුණු 38 ක් රැස්කරමින් සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 61 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගූහ.
කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා දඹුල්ල කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 47 කදී සියලුදෙනා දැවී ලකුණු 287 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ. පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර එක් පිලකට ඕවර 47 බැගින් තරගය සීමාවිය.
තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පන්දු 60 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 65 ක් රැස්කරමින් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. නිශාන් මදුශංක ලකුණු 44 ක් සහ තිලකරත්න සම්පත් ලකුණු 43 ක් රැස්කරමින් දඹුල්ල ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.
සචිත්‍ර සේනානායක සහ තිලකරත්න සම්පත් හයවැනි කඩුල්ල සදහා පන්දු 93 කදී ලකුණු 90 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
සිය ඕවර 10 ලකුණු 27 කට සීමාකළ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර දසුන් ශානක කඩුලු 3 ක් සහ ධම්මික ප්‍රසාද් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.
දඹුල්ල - ඕවර 47 කදී සියලුදෙනා දැවී ලකුණු 287
(රුවිඳු ගුණසේකර 25, නිශාන් මදුශංක 44, අශාන් ප්‍රියංජන් 38, තිලකරත්න සම්පත් 43, සචිත්‍ර සේනානායක 65, ළහිරු මදුශංක 25, මාලින්ද පුෂ්පකුමාර 27/3, දසුන් ශානක 63/3, ධම්මික ප්‍රසාද් 52/2)
ගාල්ල - ඕවර 37.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 218
(රමිත රඹුක්වැල්ල 31, උපුල් තරංග 57, ළහිරු මිලන්ත 31, සම්මු අශාන් නොදැවී 48, දසුන් ශානක නොදැවී 38, සචිත්‍ර සේනානායක 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.