Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් පරළ වීමට නම් කාගෙන් හෝ අනිවාරතේ චෝදනා ලැබිය යුතුය. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට පෙර සිදුවූයේත් එයයි. වසර 22 කට පසුව දැන් සිදුවෙමින් පවතින්නේත් එයමය.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ මුල් ඉනිමේදී ලකුණු 253 කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී කඩුලු 8 ක් දැවී ලකුණු ලකුණු 334 ක් ලබා සිටී. තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (17 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් පිලට වඩා ලකුණු 287 ක් ඉදිරියෙන් සිටියේ කඩුලු දෙකක්ද අත තබාගනිමිනි.
විශ්වාසනීයත්වයේ ප්‍රතිමූර්තියක් බඳු පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 117 කින් ලබාගත් ලකුණු 87 ත්, පන්දු 70 කට මුහුණ දෙමින් නිරෝෂන් දික්වැල්ල ලබාගත් ආක්‍රමණශීලී ලකුණු 62 ත් ශ්‍රී ලංකා කණ්ඩායම අත්කරගත් මෙම ශක්තිමත් තත්ත්වයට පදනම විය. මුල් පෙළ අසාර්ථක වී තිබියදීත් ශ්‍රී ලංකා පිතිකරුවන් මෙම ස්ථාවරය පෙන්නුම් කළේ අධිවේගී පන්දු යැවීමක යෙදුණු ෂැනන් ගේබි්රයෙල් ලකුණු 57 කට කඩුලු 6 ක් දවාගනිමින් හොඳ දස්කම් පෙන්වමින් සිටියදීය. ගේබ්‍රියෙල් මේ දක්වා මෙම තරගයේදී ලකුණු 116 කට කඩුලු 11 ක් දවාගෙන තිබේ.
1995 ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයේදී මුහුණ දුන් තරමේ දුක් ගැහැට වෙනත් කිසිම සංචාරයකදී ශ්‍රී ලංකා කණ්ඩායම අත්විඳ නැත. මෙල්බර්න් ටෙස්ට් තරගයේදී මුත්තයියා මුරලිදරන් පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්වීමට පෙර පර්ත්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූහ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මනස ව්‍යාකූල කිරීම සඳහාම ඇටවූ උගුළක් වූ එයින් ශ්‍රී ලංකා කණ්ඩායම නිදොස් කොට නිදහස් විය. පන්දුව දමාගැසීමේ චෝදනාව ආවේ ඉන් පසුවය. දෙරට අතර පැවැති ක්‍රිකට් එදිරිවාදීකම් අවසන් වූයේ 1996 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියානුවන් පරාජය කිරීමෙනි.
ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර සෝබර්ස් - තිසේරා කුසලාන වෙනුවෙන් පැවැත්වෙන 2018 තරගාවලියේ දෙවැනි තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුව පළුදු කිරීමේ චෝදනාව එල්ල විය. එම චෝදනාවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කැරළි ගැසූ අතර ‘විරෝධතා මධ්‍යයේ’ තරගය පවත්වාගෙන යාමට එකඟ වූහ.
ශ්‍රී ලංකා පිතිකරුවන් දෙවැනි ඉනිමේ සාර්ථක වන්නේ එතැන් සිටය. ලකුණු 47 ක අවාසියක් සහිතව දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවුවැනි කඩුල්ලත් ලකුණු 48 දී බිඳ වැටෙන විට ඔවුන් සතු වූයේ එක ලකුණක වාසියක් පමණි. එහෙත් ඉරිදා සවස් වන විට කොදෙව් පිලට වඩා ලකුණු 287 ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් දුර යාමේ අවස්ථාව තිබේ.
ගෙවී ගිය වසර 17 කාලයේදී මීටත් වඩා ඉහළ ඉලක්කයක් හඹා යමින් කොදෙව් පිල ටෙස්ට් තරගයක් ජයගෙන ඇත්තේ අවස්ථා දෙකකදී පමණි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ගොඩනැඟුණේ සම්බන්ධතා දෙකක් මතය. ඉන් පළමු වැන්න දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් අතර පැවැති ලකුණු 117 යි. මේ වන විටත් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව සිටින චන්දිමාල් ලබාගත්තේ ලකුණු 39 ක් වූවත් දෙවතාවක්ම දැවී යාමේ අවදානමට ලක්විය. ලකුණු 34 ක් ඇතුළතදී කුසල් මෙන්ඩිස් සහ චන්දිමාල් දෙදෙනාම දැවී ගියත් නිරෝෂන් දික්වැල්ල සහ රොෂේන් සිල්වා එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 99 ක් එක්කළහ.
ටෙස්ට් පිතිකරුවකු වශයෙන් දිගු ගමනක් යා හැකි රොෂේන් සිල්වා නැවත වරක් කණ්ඩායමේ බර කරට ගනිමින් දික්වැල්ලට කදිම සහයෝගයක් දුන්නේ පන්දු 115 කින් ලකුණු 48 ක් ලබාගනිමිනි. රොෂේන්ගේ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර දෙකක් පමණක් වූ නමුත් එය වඩාත් ස්ථාවර ඉනිමක් වූයෙන් දික්වැල්ලට නිදහසේ තමන්ගේ පහර කරා යා හැකිවිය. දික්වැල්ල වඩාත් හොඳින් ක්‍රීඩා කරන්නේ ආක්‍රමණශීලී වටා පිටාවක නිදහසේ ක්‍රීඩා කරන අවස්ථාවලදී බව ඔහු කිහිප වරක්ම පෙන්වා තිබේ.
දෙදෙනාම දැවී ගියේ දෙවැනි නව පන්දුවෙනි. දෙදෙනාගේ දැවී යාම් අතර තිබුණේ ලකුණු 9 ක පරතරයකි. එහෙත් දිනය අවසන් කොටසේදී 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 27 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවීමට සුරංග ලක්මාල් සහ අකිල ධනංජය සමත් වූහ.
කෙසේ වෙතත් දෙවැනි නව පන්දුව තවමත් භාවිතා කර ඇත්තේ ඕවර 9 ක් සඳහා පමණි. කොදෙව්වන්ගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා පිලේ වාසිය ලකුණු 300 ට පෙර ඉනිම නවතා ගැනීමයි. තරගයේ ඉතිරිව ඇත්තේ දිනයක් පමණි. දිනයක් තුළ ලකුණු 300 ක ඉලක්කයක් හඹා යාමට නම් පිතිකරුවන් කිසියම් අවදානමක් ඇතිව ලකුණු කරා යා යුතුව තිබේ.
මෙතෙක් පැවැති තරග දෙක පුරාම ශ්‍රී ලංකා පිතිකරුවන්ට මහත් හිසරදයක් වූ ෂැනන් ගේබ්‍රියෙල් වරෙක පිතිකරුවන් භීතියට පත්කරමින් පන්දු යැවූයේ ඔවුන්ගේ ඉළ ඇට පෙදෙස ඉලක්ක කරමිනි. එය 1932-33 තරගවාරයේදී පැවැති ‘සිරුර එල්ලයේ’ පන්දු යැවීමේ කලාව සිහිපත් කරන්නක් විය.
නායක චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනාව නිල වශයෙන් එල්ල වී තිබියදී සිව්වැනි දිනයේ තරගය ඇරඹූ ශ්‍රී ලංකා පිලට ලැබුණේ භයංකාර ආරම්භයකි. දිනයේ යැවුණු පළමු ඕවර 7 දී කඩුලු 3 ක් බිඳ වැටුණු අතර ලකුණු 47 ක් වෙද්දී සිව්වැනි කඩුල්ලත් බිම වැටිණ. එහෙත් එතැන් සිට ලකුණු 334 දක්වා ලකුණු පුවරුව ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන්ගේ ආත්ම ධෛර්යය මේ යයි මනාව පෙන්නුම් කරමිනි.
ශ්‍රී ලංකාව - පළමු ඉනිම | |
කුසල් පෙරේරා - ඇ. හෝල්ඩර් ප. රෝච් | 32 |
මහේල උඩවත්ත - ඇ.හෝල්ඩර් ප. ගේබ්‍රියෙල් | 0 |
ධනංජය ද සිල්වා - ප. ගේබ්‍රියෙල් | 12 |
කුසල් මෙන්ඩිස් - ඇ.ඩව්රිච් ප.හෝල්ඩර් | 45 |
දිනේෂ් චන්දිමාල් - නොදැවී | 119 |
රොෂේන් සිල්වා - ඇ.හෝල්ඩර් ප.ගේබ්‍රියෙල් | 6 |
නිරෝෂන් දික්වැල්ල- ඇ.හෝප් ප.ගේබ්‍රියෙල් | 16 |
අකිල ධනංජය - ඇ. ඩව්රිච් ප. රෝච් | 2 |
සුරංග ලක්මාල් - ක.මු.කළා ප. ගේබ්‍රියෙල් | 10 |
කසුන් රාජිත - ඇ. ඩව්රිච් ප. රෝච් | 4 |
ළහිරු කුමාර - ඇ. හෝප් ප. රෝච් | 0 |
අතිරේක (බ-1, නි-2, ව-2,පා-2) | 7 |
එකතුව ඕවර 79 කදී සියලුදෙනා දැවී | 253 |
කඩුලු වැටීම : | |
1-1 (උඩවත්ත), 2-15 (ධනංජය ද සිල්වා), 3-59 ( පෙරේරා), 4-126 ( මෙන්ඩිස්), 5- 148 (රොෂේන් සිල්වා), 6-179 (දික්වැල්ල), 7-190 (අකිල ධනංජය), 8-206 (ලක්මාල්),9- 237 (රාජිත),10- 253 (කුමාර) | |
පන්දු යැවීම: | |
කෙමාර් රෝච් | 18-8-49-4 |
ෂැනෝන් ගේබ්‍රියෙල් | 16-4-59-5 |
මිගෙල් කමින්ස් | 19-5-69-0 |
ජේසන් හෝල්ඩර් | 14-2-56-1 |
දේවේන්ද්‍ර බිෂෝ | 11-3-15-0 |
රොස්ටන් චේස් | 1-0-2-0 |
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම | |
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ඇ. දික්වැල්ල ප.රාජිත | 22 |
ඩෙවෝන් ස්මිත් -ක.මු.කළා ප. අකිල ධනංජය | 61 |
කිරන් පවෙල් - ඇ. මෙන්ඩ්ස් ප. කුමාර | 27 |
ෂායි හෝප් - ඇ. ධනංජය ද සිල්වා ප. ලක්මාල් | 19 |
රොස්ටන් චේස් - ඇ. ලක්මාල් ප. කුමාර | 41 |
ෂේන් ඩව්රිච් - ඇ. දික්වැල්ල ප. ලක්මාල් | 55 |
ජේසන් හෝල්ඩර් - ඇ. දික්වැල්ල ප. රාජිත | 15 |
දේවේන්ද්‍ර බිෂෝ - ඇ.මෙන්ඩිස් ප. රාජිත | 2 |
කෙමාර් රෝච් - ක.මු.කළා ප. කුමාර | 13 |
මිගෙල් කමින්ස් - නොදැවී | 8 |
ෂැනෝන් ගේබ්‍රියෙල් - ඇ.ධනංජය ද සිල්වා ප. කුමාර | 3 |
අතිරේක (බ-11, නි-1, ව-9,පා-8,ද.ල - 5) | 34 |
එකතුව ඕවර 100.3 කදී සියලු දෙනා දැවී | 300 |
කඩුලු වැටීම : | |
1-59(බ්‍රැත්වෙයිට්),2-115 (පවෙල්), 3-149 (හෝප්), 4-163 (ස්මිත්), 5-241 (චේස්), 6- 254 ( ඩව්රිච්), 7- 261 (බිශූ), 8-279 (හෝල්ඩර්), 9-292 (රෝච්), 10-300 (ගේබ්‍රියෙල්) | |
පන්දු යැවීම: | |
සුරංග ලක්මාල් | 24-6-50-2 |
අකිල ධනංජය | 25-7-81-1 |
කසුන් රාජිත | 22-6-49-3 |
ළහිරු කුමාර | 26.3-4-86-4 |
ධනංජය ද සිල්වා | 3-0-10-0 |
ශ්‍රී ලංකාව - දෙවන ඉනිම | |
කුසල් පෙරේරා - ඇ. ඩව්රිච් ප. ගේබ්‍රියෙල් | 20 |
මහේල උඩවත්ත - ඇ. බිෂෝ ප. රෝච් | 19 |
කසුන් රාජිත - ක.මු.කළා ප. ගේබ්‍රියෙල් | 0 |
ධනංජය ද සිල්වා - ඇ. ඩෙවොන් ස්මිත් ප. ගේබ්‍රියෙල් | 3 |
කුසල් මෙන්ඩිස් - ප. ගේබ්‍රියෙල් | 87 |
දිනේෂ් චන්දිමාල් - ඇ. ඩව්රිච් ප. රෝච් | 39 |
රොෂේන් සිල්වා - ඇ. ඩව්රිච් ප. ගේබ්‍රියෙල් | 48 |
නිරෝෂන් දික්වැල්ල - ඇ. පවෙල් ප. ගේබ්‍රියෙල් | 62 |
අකිල ධනංජය - නොදැවී | 16 |
සුරංග ලක්මාල් - නොදැවී | 7 |
අතිරේක ( බ-12, නි-10, ව-3, පා-8) | 33 |
එකතුව ඕවර 89 කදී කඩුලු 8ක් දැවී | 334 |
පන්දුවට පහර දීමට සිටින ක්‍රීඩකයා | |
ළහිරු කුමාර | |
කඩුලු වැටීම : | |
1-32 (පෙරේරා), 2-34 (රාජිත), 3-44 (ධනංජය), 4-48 (උඩවත්ත), 5-165 (චන්දිමාල්), 6-199 (මෙන්ඩිස්), 7-298 (රොෂේන්), 8-307 (දික්වැල්ල) | |
පන්දු යැවීම: | |
කෙමාර් රෝච් | 20-3-75-2 |
ෂැනෝන් ගේබ්‍රියෙල් | 19-5-57-6 |
ජේසන් හෝල්ඩර් | 15-5-38-0 |
මිගෙල් කමින්ස් | 13-1-44-0 |
දේවේන්ද්‍ර බිෂෝ | 11-0-58-0 |
රොස්ටන් චේස් | 10-1-38-0 |
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් | 1-0-4-0 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.